2026 දී BOI නව ගමනක!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW :

2026 වසරේදී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින්, මෙරටට ඇමෙරිකා ඩොලර් බිලියන දෙකකට ආසන්න ආයෝජන ගෙන ඒමට සැලසුම් කර ඇති බව එම මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ, 2025 වසරේ දී ආයෝජන මණ්ඩලය ඇමෙරිකා ඩොලර් බිලියන එකක ආයෝජන ඉලක්කයක් ජයගෙන ඇති බවයි .

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ෂීල්ඩ් රෙස්ට්‍රෙයින්ට් සිස්ටම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

විදේශ ආයෝජන ක්ෂේත්‍රයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ආයතනය වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ සිය අති නවීන නිෂ්පාදන පහසුකම ආරම්භ කළ අතර, මෙම කර්මාන්ත ශාලාව තුළින් ළමා ආරක්ෂිත ආසන, ඉදිකිරීම් සහ කෘෂිකාර්මික උපකරණ ඇතුලු නවීන උපාංග රැසක් මෙහි නිෂ්පාදනය කෙරෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...