CAVA 23 න් පහළ සූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශයට

Date:

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය මෙහෙයවන CAVA අවුරුදු 23 න් පහළ මධ්‍යම ආසියානු වොලිබෝල් පිරිමි සූරතාවලිය නියෝජනය කරන්නට රුචිර සම්පත්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇත.එම කණ්ඩායමේ පුහුණුකරු ධූරය පිරිනමා ඇත්තේ චමින්ද කුමාර ජයරත්නට ය.
තරගාවලිය 2022 දෙසැම්බර් 20 දින සිට 27 දින දක්වා බංගලාදේශයේ ඩකා නුවරදී පැවැත්වීමට නියමිතව ඇති, කිරිකිස්ථානය, නේපාලය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව සහභාගි වන මෙම තරගාවලිය නියේජනය කරන ශ්‍රී ලංකා අවු. 23 න් පහළ පිරිමි වොලිබෝල් කණ්ඩායම අද දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.
පහත දැක්වෙන්නේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා අවුරුදු 23 න් පහළ පිරිමි කණ්ඩායම තරගාවලිය සඳහා නික්ම යාමට පෙර ලබා ගත් නිල ඡායාරූපය ය.
අසුන්ගෙන වමේ සිට
මොරිස් චමින්ද- අභ්‍යාසක, චමින්ද කුමාර ජයරත්න – ප්‍රධාන පුහුණුකරු, ඒ. එස් නාලක මහතා – ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, . කංචන ජයරත්න මහතා – සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, කොමදෝරු ටී.ඩී.එස්. සිල්වා මහතා – කළමණාකරු, මිල්රෝයි තිසේරා – සහාය පුහුණුකරු, රුචිර සම්පත් – නායක
පසුපස පේලිය වමේ සිට
සුජිත් තිලංක, ලහිරු මධුවන්ත, ප්‍රනීත් දිනේන්ද්‍ර, අශේන් මලින්ත, දෙනෙත් හංසන, ලහිරු ප්‍රමුදිත, සචිත මලිත්, ශානුක මධුභාෂන, දුලංජන් සංදීප, කවිෂ්ක මධුසංක, නවීන් කෞෂල්‍ය

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: අද (06) දින කොළඹ...

MCA ප්‍රිමියර් ලීග් සූරතාවය සිංගර් ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: MCA ක්‍රීඩාංගණයේදී අවසන් වූ...

ඇල්ල බස් ඛේදවාචකයෙන් මිය ගිය අයගේ සිරුරු ඥාතීන්ට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: පසුගියදා ඇල්ල -...

මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන තරගය දකුණු ආසියානු පාපන්දුවට මඟ පෙන්වන මාලිමාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: මාල දිවයින පාපන්දු කණ්ඩායම...