යුධ උමතුව මැද එකිනෙකාගේ පිට කසා ගන්නා රුසියාව සහ ඉරානය!

Date:

ඉරානය සහ රුසියාව අතර පවතින යුධ සබඳතා පිළිබඳ අනාවරණයක් එක්සත් රාජධානිය විසින් සිදුකොට තිබේ.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය බෙන් වොලස් ඊයේ (19) දින ප්‍රකාශ කර සිටියේ, ඉරානයෙන් ලැබෙන ඩ්‍රෝන යාත්‍රාවලට ප්‍රති උපකාර ලෙස රුසියාව විසින් ඉරානයට දියුණු යුධ උපකරණ ලබා දීමට සැලසුම්කර ඇති බවයි.

මෙම ප්‍රති උපකාරයට පාදක වී ඇති ඩ්‍රෝන යාත්‍රා ප්‍රදානයේදී ඉරානය විසින් ඩ්‍රෝන සිය ගණනක් රුසියාවට ලබා දී ඇති බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අනාවරණය කර සිටියේ.

ඒ අනුව, රුසියාවේ විශාලතම හමුදා සහායකයකු බවට ඉරානය පත්ව ඇති බව වොලස් රුසියානු-යුක්රේන යුධ තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් අතරතුර පවසා සිටියේය.

බිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට අනුව, ඉරානය විසින් කමිකාසි (kamikaze) ඩ්‍රෝන 300 කට අධික ප්‍රමාණයක් රුසියාවට ලබා දී ඇති අතර, ඊට ප්‍රති උපකාර වශයෙන් රුසියාව විසින් ලබා දීමට නියමිත දියුණු යුධ උපකරණ මැද පෙරදිග සහ ජාත්‍යන්තර ආරක්ෂාව යන දෙකම යටපත් කිරීමට සමත්ව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

ඡායාරූප: SalamPix / Shutterstock

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...