ඩොලර් ඉතිරි කරගන්න විදෙස් මෙහෙයුම් වලට තිත තැබීමට අවධානය!

Date:

ඩොලර් ඉතිරි කර ගැනීමේ හා වියදම් කපා හැරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ විදේශ දූත මෙහෙයුම් තුනක් නතර කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

වර්තමානයේ පැනනැඟී ඇති විදේශ විනිමය හිඟය තාවකාලික විය හැකි බවට පුරෝකථනය කර ඇති මුත්, දශක ගණනක් පුරාවට මෙරට සැලකිය යුතු අයවැය හිඟයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එහිදී පුනරාවර්තන වියදම් ආදායම් වලට වඩා වැඩි බවට පෙනී යයි.

ඒ අනුව විදේශ අමාත්‍යාංශය විසින් ෆ්‍රැන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය, නයිජීරියාවේ තානාපති කාර්යාලය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වසා දැමීමට නියමිත බවට වාර්තා වේ.

ෆ්‍රැන්ක්ෆර්ට් කොන්සල් කාර්යාලයේ කටයුතු බර්ලිනයට රැගෙන යන බවත්, පවතින තත්ත්වය යටතේ නයිජීරියාවේ දූත මණ්ඩලයේ කටයුතු ඉදිරියටත් පවත්වා ගත නොහැකි බවත්, සයිප්‍රසයේ කොන්සල් ජනරාල් කාර්යාලය වසා දැමීමට කටයුතු කරන බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා තිබේ.

එමෙන්ම, මෙම වියදම් කපා හැරීමේ ක්‍රියාවලිය අනෙකුත් අමාත්‍යංශ විසින් ද දැන් අනුගමනය කරන බව හෙතෙම අවධාරණය කර තිබේ.

මේ හා සමානව නයිජීරියාව ඉකුත් 2017 වර්ෂයේ දී කොළඹ පිහිටි සිය තානාපති කාර්යාලය වසා දැමුවේ මූල්‍ය දුෂ්කරතා හේතුවෙනි. මේ පිළිබඳව 2018 වර්ෂයේ නිකුත් වූ විදේශ අමාත්‍යංශ ප්‍රගති වාර්තාවක තොරතුරු දැක්වෙයි.

ඒ අනුව ආර්ථික අර්බුදයට යොදන යම් පිළියමක් ලෙස විදෙස් දූත මෙහෙයුම් අවසන් කිරීම ලොව විවිධ රටවල් විසින් අනුගමනය කරන පොදු ක්‍රියාවලියකි.

2022 වසර සඳහා විදේශ අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන ඇමරිකානු ඩොලර් බිලියන 12.67 දක්වා ඉහළ දමා තිබේ. එය 2021 වසර සඳහා පැවතියේ ඇමරිකානු ඩොලර් බිලියන 12.01 ක අගයක යි.

එහෙත් එකී ප්‍රතිපාදන වැය කිරීම පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුවූයේ ද, අදාළ වියදම් තුළ දූෂණ හා අක්‍රමිකතා කටයුතු සිදුනොවූයේ ද, හා විශේෂයෙන්ම විදෙස් දූත මෙහෙයුම් වල දී අදාළ වියදම් දැරීම සිදුවූයේ කෙසේද හා අනවශ්‍ය වියදම් සිදු නොවූයේ ද යන්න පිළබඳව වැටහීමක් ලබා ගැනීම ජනතාව සතු අයිතියකි.

මෙරටට සහාය දක්වන තීරණාත්මක රටවලට ශ්‍රී ලංකාව සතු ඉතා දියුණු විදෙස්ගත සේවාවන් ප්‍රයෝජනයට ගත හැකිය. ඒ අනුව, හිටපු ජ්‍යෙෂ්ඨ සහ ප්‍රකාශිත රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ මඟපෙන්වීම යටතේ මෙරට අවශ්‍යතා ආරක්ෂා කිරීමේ සේවාව යම් මට්ටමකින් කපා හැරීම අපහසු කාර්යයක් නොවේ.

කෙසේවෙතත්, එවන් සේවා කප්පාදුවක් තුළ විදෙස් මෙහෙයුම් වල සිටිනා වැදගත් හා කාර්‍යක්ෂම නිලධාරීන් ඉවත් නොකළ යුතු අතර, අදාළ මඟපෙන්වීම්, හමුවීම් හා සන්නිවේදනයන් සූම් තාක්ෂණය වැනි නවීන ක්‍රමවේද භාවිතයෙන් පවත්වා ගත හැකිය. මෙමඟින් ඒ ඒ සේවාවන් සඳහා වැයවන මුදල් බොහෝසෙයින් අවම කර ගත හැකිය.

ඒ අනුව, අතිශයින්ම වැදගත් වන දූත මෙහෙයුම් පමණක් භෞතික අවකාශය තුළ සිදුකළ හැකි බවත්, එම මෙහෙයුම් වලට අදාළ බොහෝ කටයුතු නවීන තාක්ෂණය හරහා සිදුකර ගත හැකි බවත් නිගමනය වී තිබේ.

පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස දූත මෙහෙයුම් සඳහා අදාළ වැය ශීර්ෂයන් මෙසේ කපා හැරීමට ඉහත පියවර ගෙන ඇති බවට සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...