ජීවිතය කියන්නෙම පොතක්! ඒ පොතට රස එක්කළ “රසයි යසයි වෙස්ලි ජීවිතේ” අපේ කුමාර් සර් ගේ අතින්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආදරණීය කුමාර් සර්, ආදරණීය වෙස්ලියට මැණිකක්....වෙස්ලි කොල්ලන්ට ආදරණීය පියෙක්...ඒ බැඳීම නම් මහා සාගරේ වගේ…කිසිදා නොළිහෙන යදඹක්,,,

කුමාර් සර් ලීවේ එක පොතයි…
ඒත්…කුමාර් සර් ගැන ලියන්න කියන්න වෙස්ලි කොල්ලන්නට පොතක් නම් මදි..

ඇත්තටම කුමාර් සර් කියන්නෙ කියවා නිම කළ නොහැකි විසල් පුස්තකාලයක්.

ඉතිං ඒ පුස්තකාලයේ ඉපදුණු පොතක දොරට වැඩීමේ රන් මංගල්‍යය පසුගියදා (2023.12.15 ) තරංගනී රඟහලේදී අති උත්කර්ශවත් අනදමින් පැවැත්වුණා.

“රසයි යසයි වෙස්ලි ජීවිතේ” ඇත්තටම රසයි…


එදා වෙස්ලි කොල්ලන්ට ඇත්තම අවුරුදු..පාසලින් සමුගෙන ගිහින් වසර ගණනාවක් වුවත්, ඔවුන් එදා හැසිරුණේ තාමත් පාසල් යන කුමාර් සර්ගෙ ආදරේ ලබන කොලු ගැටයන් වගේ…

රස බර කතා මහ ගොඩයි…කුමාර් සර්ගෙ මූණෙ තිබුණු ඒ අව්‍යාජ හිනහව වෙස්ලියෙ දරුවන්ට මහා ආශිර්වාදයක් වෙලා තිබුණා.

වෙස්ලි දරුවන් මහ ඉහළින් ඔසවා තබන්න කුමාර් සර්ගේ ආදරණීය හාද්දට පුළුවන් වෙලා තිබුණා.

ඔවුන් කුමාර් සර්ට වැන්දෙ පුදුම භක්තියකින් ආදරයකින්…

ඒ බව කිව යුතුමයි….

ඉගෙනගන්නම බැරි..
දුප්පත්ම..
විවිධ ඇබ්බැහි කම් ඇති
තනි වෙච්ච සිසුන් සමඟ.. කුමාර් සර් දරුවන්ට රජෙක් වුණා… පියෙක් වුණා….


ඔහු කළේ ඒ දරුවන්ට ආදරේ දැක්වීම සහ සවන් දීම පමණයි..ඒ දරුවන්ගෙ ජීවිත ඉන් වෙනස් වුණා පමණක් නොවේ…දක්ෂයො එක්ක විතරක් ගමනක් යන්න කැමති බොහෝ අයට එය දරාගත නොහැකි වුණා.. ඔහු හම්බ කළේ මුදල් නොවේ දරුවන් ගේ සිත්….

කුමාර් සර් ගේ “රසයි යසයි වෙස්ලි ජීවිතේ” කෘතිය ඕනෑම පාසලක ගුරුවෘත්තියේ යෙදෙන කෙනෙක් හැකිනම් කියවිය යුතු පොතක් බව කිව යුතුමයි.

ගුරුවරුන් අද දුවන්නේ පොත් ටික කට පඩම් කරවා සිලබස් ඉවර කිරීම සහ පාසල ඇරුණු සැණින් තම තමන්ගේ ටියුෂන් පං‍තියටයි. අතමිට සරු කරගැනීම රැල්ලක් වී ඇත.

කුමාර් සර්ලා ගුරු දෙවිවරු වන්නේ මේ වෙනසත් සමඟය….

රුවන් ⁣ගේ ජීවිත වලට ආදරය කාවද්දා වැරැද්දට දඬුවම් ඒ මොහොතේම ලබාදී ආදරණීය ඇඳුරුතුමෙකු වන්නට හැමෝටම බැහැ….ඒකත් කලාවක්…

කුමාර් සර් ඒ කලාවේ ප්‍රතිමූර්තියක්…

ආදරණීය කුමාර් සර්………..තව දිගු කළක් යෙහෙන් වැජඹෙන්න…ඔය ආදරේ දරුවන්ට අමිලයි…. හැකිනම් තවත් පොතක් අපට දෙන්න…මහන්සි නැත්නම්…

LNW වෙතින් ඔබට හදවතින්ම සුබ පැතුම්!

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...