නව වසරේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව ගමනක්!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
පැවැත්ම සඳහා දැනට අරගල කරන ඉදිකිරීම් ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීමේ ප්‍රයත්නයක් ලෙස මුදල් අමාත්‍යාංශය ලබන වසරේ ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා බදු ලිහිල් කිරීම ඇතුළු උත්ප්‍රේරක යෙදවුම් යෝජනා කිරීමට සැලසුම් කරයි.

හදිසි සහන සැලසීම තුළින් ආර්ථිකයට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් දූරදර්ශී යෝජනා 13ක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. සත්‍යානන්ද විසින් ජනපති රනිල් වික්‍රමසිංහ වෙත අනාවරණය කළේය.

රටේ ජනගහණයෙන් සියයට 20ක ජීවනෝපාය ඉදිකිරීම් ක්ෂේත්‍රය මත රඳා පවතින අතර වර්තමාන පසුබෑමෙන් මෙම ක්ෂේත්‍රයේ සම්පූර්ණ කඩාවැටීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසීය.

නවතම දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) දත්ත වලට අනුව, ආර්ථිකයේ සියයට 6.3 ක් වූ ඉදිකිරීම් අංශය, වසරකට පෙර ජූලි – සැප්තැම්බර් කාර්තුවේදී සියයට 5.5 කින් හැකිලී ගිය අතර, එම අංශයේ මාස නවයක පසුබෑම සියයට 24.8 ලෙස සටහන් වෙයි.

කෙසේ වෙතත්, දෙවන කාර්තුවේ දක්නට ලැබුණු සියයට 23.1 ක හැකිලීමෙන් මෙම අංශය සැලකිය යුතු ලෙස පසුබෑමකට ලක් වූ අතර, එයින් පිළිබිඹු වන්නේ මෙම අංශය වසර දෙකක කාලයක් පැවති එහි පහත වැටීමේ අවසානයට ළඟා වෙමින් පවතින බවයි.

කෙසේ වෙතත්, ව්‍යාපෘති, විශේෂයෙන්ම බහුපාර්ශ්වික ආයතන සහ රජය විසින් මූල්‍යකරණය කරන ලද ව්‍යාපෘති නැවත ආරම්භ වෙමින් පවතින අතර, එම අංශය අවපාතයෙන් මුදවා ගැනීමේ හැකියාව ද පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...