ටෲඩෝ නව කැබිනට් සංශෝධනයකට යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ නව කැබිනට් සංශෝධනයකට ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කෙරේ,

පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අක්‍රමවත් දේශසීමා හරස් කිරීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ප්‍රතිචාර වශයෙන් මෙක්සිකෝවේ, කැනඩාවේ සියලුම භාණ්ඩ සඳහා 25% ක බදු පනවන බවට ප්‍රකශ කිරීමත් සමඟ කැනඩාවේ නියෝජ්‍ය අගමැති සහ මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් අගමැති ජස්ටින් ටෘඩෝ සමඟ ඇතිකරගත් ආතතීන් ඉහළයාම හේතුවෙන් පසුගිය(17)වන දා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ ටෲඩෝ නව කැබිනට් සංශෝධනයකට ගොස් තිබේ.

මෙහිදී ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන ආයතන අධීක්‍ෂණය කරමින්, කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ඔන්ටාරියෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් මැක්ගුයින්ටි පත් කළ අතර භාණ්ඩාගාර මණ්ඩලයේ නව සභාපති ලෙස ජෙනෙට් පෙටිපස් ටේලර් පත්කර තිබේ. එමෙන්ම නව නිවාස අමාත්‍යවරයා වශයෙන් නතානියෙල් අර්ස්කින්-ස්මිත් පත්කර ඇත.

2015 සිට අගමැති ලෙස කටයුතු කර ඇති ටෲඩෝ, ඔක්තෝබර් අගට පෙර පැවැත්විය යුතු ෆෙඩරල් මැතිවරනයට පෙර ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බවට දැඩි පීඩනයකට මුහුණ දී සිටින අතර කැනඩාව නිවාස අර්බුදයක සිට ඉහළ යන ජීවන වියදම දක්වා අභියෝග රාශියකට මුහුණ දෙන බැවින් මෑත වසරවලදී ඔහුගේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...