ටෲඩෝ නව කැබිනට් සංශෝධනයකට යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ නව කැබිනට් සංශෝධනයකට ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කෙරේ,

පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අක්‍රමවත් දේශසීමා හරස් කිරීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ප්‍රතිචාර වශයෙන් මෙක්සිකෝවේ, කැනඩාවේ සියලුම භාණ්ඩ සඳහා 25% ක බදු පනවන බවට ප්‍රකශ කිරීමත් සමඟ කැනඩාවේ නියෝජ්‍ය අගමැති සහ මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් අගමැති ජස්ටින් ටෘඩෝ සමඟ ඇතිකරගත් ආතතීන් ඉහළයාම හේතුවෙන් පසුගිය(17)වන දා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ ටෲඩෝ නව කැබිනට් සංශෝධනයකට ගොස් තිබේ.

මෙහිදී ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන ආයතන අධීක්‍ෂණය කරමින්, කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ඔන්ටාරියෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් මැක්ගුයින්ටි පත් කළ අතර භාණ්ඩාගාර මණ්ඩලයේ නව සභාපති ලෙස ජෙනෙට් පෙටිපස් ටේලර් පත්කර තිබේ. එමෙන්ම නව නිවාස අමාත්‍යවරයා වශයෙන් නතානියෙල් අර්ස්කින්-ස්මිත් පත්කර ඇත.

2015 සිට අගමැති ලෙස කටයුතු කර ඇති ටෲඩෝ, ඔක්තෝබර් අගට පෙර පැවැත්විය යුතු ෆෙඩරල් මැතිවරනයට පෙර ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බවට දැඩි පීඩනයකට මුහුණ දී සිටින අතර කැනඩාව නිවාස අර්බුදයක සිට ඉහළ යන ජීවන වියදම දක්වා අභියෝග රාශියකට මුහුණ දෙන බැවින් මෑත වසරවලදී ඔහුගේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...