ඕනෑම මිනිස් සමාජයක් තුල ස්වභාවිකවම පිළිසිඳගන්න අනිවාර්ය මනෝව්‍යාධීන් කිහිපයක් තියෙනවා.. ඒ තමා “ජීවිතේ තේරුමක් නෑ” කියලා හිතෙන්ට ගනන්න එක, තමාගේ ක්‍රියාවන් සම්බන්ධව තමන්ටම නැගෙන පශ්චාත්තාපය වැනි දේවල්..
මෙතනදි ආගම් කියන ඒවා හැදිලා තියෙන්නෙ මිනිස් සිතේ එකී ස්වභාවිකවම මතුවෙන උක්ත අසහනයන්ට යම් සහනයක් හදලා දෙන්නයි.. නමුත් ආගම් පවතින්නෙත් යැපෙන්නෙත් අර අසහනකාරී සමාජය නිශ්පාදය කරන භෞතික සම්පත්වලම අතිරික්තයකින්. ඒ නිසා ආගමට ස්වාධීන පැවැත්මක් නෑ..
ඒවගේම ආගමට ස්වර්ගය වැනි ෆැන්ටසීන් මිස අසහනයෙන් තොර සමාජයක් ගැන ආර්ථික, දේශපාලන සැලැස්මක් නෑ..
ඒ නිසා මොළේ තියෙන සමාජයක් ප්‍රශ්න විසඳන්ට ආගමකට රට බාරදෙන්නෙ නෑ..
බැරිවෙලාවත් රට කරන්ට ආගමට රට බාරදුන්නොත් හැදෙන්නෙ කුමේණි රාජ්‍ය වගේ උඩු යටිකුරු උන සමාජ විකාරයක්..
ඔතනදි වාමවාදය කියන්නෙත් ඔය ආගමේ වැඩේම කරන ඇදිහිලිවාදී කල්ට්මය දෙයක්.
විශේෂයෙන් ධනවාදී සිස්ටම් එකක් ඇතුලේ අනිවාර්‍ය අවුල් ටිකක් තියෙනවා.. අවවර්ධිත ධනවාදයේ ඒ අවුල් පැටව් ගහලා තියෙන්නෙ.
සම්පත් අසමාන ලෙස බෙදීයාම, යුක්තිය – සාධාරනත්වය වැනි දෑ ප්‍රාග්ධනයේ ආධිපත්‍ය විසින් ගිලගන්නා සුළුවීම, වගේ දේවල්..
මෙහිදී වාම වාදයේ පැවැත්ම තියෙන්නෙත් අර අර්බුදවලට දෙන විවේචනය මත.. උක්ත අර්බුද වැඩිවෙලා විවේචනය තීවුර වෙන්ට වෙන්ට වමේ පැවැත්මත් පළල් වෙනවා..
හැබැයි ආගමට වගේම වමටත් ස්වායක්ත පැවැත්මක් නෑ.කොමිනිස්ට්වාදය වගේ ස්වර්ගමය ෆැන්ටසීන් මිසක වමට ඕවරෝල් ආර්ථික දේශපාලන දැක්මක් වැඩපිලිවෙක් නෑ..
ඒ නිසා මොළේ තියෙන සමාජයක් වාමවාදයකට ප්‍රශ්න විසඳන්ට රට බාරදෙන්නෙ නෑ..
ධනවාදය ගැන වම්මු කියන්නෙ ධනවාදයේ තියෙන්නෙ පැලැස්තර විසඳුම් විතරයි කියලා..
හැබැයි වම්මු ප්‍රශ්නවලට ගහන පකඩම් පැලැස්තර ලොවෙත් නැතිව ඇති..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
