සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW :

ඊයේ රාත්‍රියේදී (20) සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහායක නිලධාරියෙකුට කොලොන්න ප්‍රදේශයේදී රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි පොලිස් නිලධාරියා චෝදනා කර තිබෙන බවට වාර්තා වේ.

එහිදී, සිදුකළ එම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා ද එම පොලිස් නිලධාරියා සම්බන්ධව කොලොන්න පොලීසියට පැමිණිලි කර ඇති බවයි.

අදාල පොලිස් නිලධාරියා බීමත්ව මන්ත්‍රීවරයා ගමන් ගත් රථය අවහිර කර තර්ජනය කළ බව පවසමින් ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා එම පැමිණිල්ල කර තිබෙන අතර,පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මඟ පෙන්වීම යටතේ පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...