ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් වර්ථමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා : නෑ ඒක ඊට වඩා වෙනස් එකක්- නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW :

“අද වන විටත් අවතැන් වෙච්ච, ගොවි බිම් අහිමි වෙච්ච, වගා බිම්, ගේ දොර අහිමි වෙච්ච , ජීවිත නැති වුණ මිනිසුන්ට කථා බහ කරලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.ජනාධිපතිතුමා කොච්චර පාර්ලිමේන්තුවට ඇවිත් පොරොන්දු දුන්නත්, ජනාධිපතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම් ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්න කියනවානේ. ඉතින් ජනාධිපතිතුමා ඒ උපදේසය එතුමා පෙර පරිදී පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙනවා.” යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අභාවප්‍රාප්ත හිටපු බන්ධනාගාර හා ප්‍රථිසංස්කරණ නියෝජ්‍යය අමාත්‍යය , හිටපු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සී මුතුකුමාරණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණී අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

“ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් වර්ථමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා.ගම් වල අද වන විටත් අවතැන් වෙච්ච, ගොවි බිම් අහිමි වෙච්ච, වගා බිම්, ගේ දොර අහිමි වෙච්ච , ජීවිත නැති වුණ මිනිසුන්ට කථා බහ කරලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.ජනාධිපතිතුමා කොච්චර පාර්ලිමේන්තුවට ඇවිත් පොරොන්දු දුන්නත්, ජනාධිපතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම් ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්න කියනවානේ, ඉතින් ජනාධිපතිතුමා ඒ උපදේසය එතුමා පෙර පරිදී පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙනවා. ඩයස්පෝරාව ඔවුන්ට උදව් කරන්න ඇති, හැබැයි ගංවතුරින් අවතැන් වූ ජනතාවට උදව් කරාද කියලා අපි දන්නේ නෑ.

අයි.එම්.එෆ් එකෙන් ලැබුනේ ණය, ඉතින් ඒවා මේ රටේ මහජනතාවගේ බදු මුදල් වලින් ගෙවන්න ඕන, ණය වලින් ආධාර දුන්නොත් ආර්ථිකයට ආදායමක් නෑ, මේ ණය ආයෝජනය කලොත් ආර්ථිකයට ආදායමක් තියෙනවා.අපි ණය අරන් ආයෝජනය කරපු අය, ණය අරන් කන්න බොන්න දීපු අය නෙමෙයි. හැබැයි මේ රටේ ගොවියාගේ ගොවි බිම සරුසාර කරලා, ධීවරයාගේ ආරාජපක්ෂට ශක්තිමත් කරලා ජනතාවට කන්න බොන්න පුලුවන් විදිහට ආර්ථිකයක් හදපු දේශපාලන බලවේගයක්, අපි ගත්ත ණය ආයෝජනය කලේ යටිතල පහසුකම් හදන්න, ඉතින් මම හිතනවා පළවැනිම දේ ආණ්ඩුව ගණනය කරලා තියෙනවාද මේ වෙච්ච පාඩුව? ආධාර ලැබෙනවා , මුදල් ලැබෙනවා.මේක ඇති ඒ හින්දා භය වෙන්න දෙයක් නෑ කියන ආණ්ඩුව වර්ථමානය වන විට ගණනය කරලා තියෙනවාද මේ ආපදාව නිසා ලංකාවට අත්වෙච්ච හානිය.ඉතින් එහෙම ගණනය නොකර කටට එන ඒවා කිව්වාම පහුකාලීනව ප්‍රශ්න වෙයි.”යැයි පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරාන ගුවන් සමාගම් සදහා සිය ගුවන් අවකාශය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකාව විසින්...

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...