අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට මේ වන විට නම් කර තිබේ.එහි සාමාජිකයන් 25 දෙනෙකු ඇත.ජනමාධ්‍ය සමඟ පැවති සාකච්ඡාවේදී එම පත් කිරීම් සම්බන්ධයෙන් විවිධ ගැටළු මතු කිරීමට ජනමාධ්‍යෙව්දීන් ඉදිරිපත් විය.නව තේරිම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ ඊට පිළිතුරු වශයෙන් දැනට තෝරා ගෙන ඇති විසිපස් දෙනාගේ කල්ලිය මෙරට සිටින හොඳම විසිපහ බවට තර්කයකින් තොරව පිළිගන්නා බව කීවේ නැත.


ඔහු පැවසුවේ හිටපු තේරීම් කමිටුව විසින් එම පිරිස තෝරා ඇති බවය.ඒ පිරිස ගැන පුහුණුකරු සනත් ජයසූරිය සමඟ ද සාකච්ඡා කර ලෝක කුසලාන සංචිතයේ අවසාන තේරීම සඳහා මෙම විසිපස් දෙනාම සළකා බලන බව ද ප්‍රමෝදය පැවසුවේය.


හිටපු තේරීම් කමිටුව වෙනුවට නව තේරීම් කමිටුවක් එන්නේ වෙනසක් අවශ්‍යය නිසාය.අලුත් පුහුණුකරුවෙක් ද අවශ්‍යය බව කියන අය අපි පසුගිය කාලයේ දුටිමු.එහෙත් පුහුණුකරු සිටියදී තේරීම් කමිටුව පමණක් ගෙවුණු ආසන්න කාලයේ සිඳු වූ පසුබැස්මට වගකියා ඇති බව තේරුම් කමිටුව පමණක් වගකීමෙන් සිඳුව ඇති බවක් හැඟීමේ තර්කය දුප්පත් නැත.එය ඇත්තට දැනෙන දෙයක්ය.


ප්‍රමෝදය හීන් විහිළුකාරයා ය.ඒවා හීනියට පතුලටම බැස ඇනෙන වර්ගයේ භාණ්ඩවලින් ද සන්නද්ධය.ඔහු ඒ භාණ්ඩයක් ගෙන මාධ්‍ය හමුවේදී උලා දැම්මේය.ඒ අසාර්ථකවීමකදි තනිව එම පවට තේරීම් කමිටුව පමණක් කර ගසන සංස්කෘතිය අවසන් කිරීමට තේරීම් කමිටුව කණ්ඩායම තේරීමේදී වඩාත් ගැඹුරෙන් පුහුණුකරුගෙන් හේතු විමසා ඔහුට ද වැඩ කොටසක් පවරා තේරීම සඳහා බැඳ තබා ගන්නා බව එම ප්‍රකාශයය.
දැන් මේ වැඩ කොටස කළ යුතුව ඇත්තේ සනත් ජයසූරිය ය.පරණ තේරීම් කමිටුවේ සිටි ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතානව අලුත් කමිටුවේද ඇත.එහෙත් ප්‍රධාන වශයෙන් පුහුණුකරු ලෙස වැඩ කරන සනත් ජයසූරිය නම් වී ඇති තේරීම් කමිටුවට පිටින් කණ්ඩායමේ ආකෘතිමය අවශ්‍යයතාවය වෙනුවෙන් මේ තේරිම් සඳහා දායකත්වය දීමට තෝරා ගෙන ඇත.


මේ සියල්ල සමඟ තේරිම් කමිටුව අලුත් වුව ද,තේරීම් හැඩය අලුත් වි නැති බවට නැඟෙන විවේචන මත තේරීම් කමිටු වෙනස් නොවිය යුතු වුව ද,කණ්ඩායම තිබුණ තත්ත්වයෙන් වෙනස් විය යුතු බව පිළිගත යුතු වන්නෙමු.නව පත්වීම් කිරිම වෙනුවට ක්‍රීඩා අමාත්‍යවරයා සිටිය කණ්ඩායමේ නිල කාලය දීර්ඝ කරන බව නොකිීවේ එබැවින්ය.ඒ නිසා කරන්නන් වාලෙ වෙනස් කිරිම වෙනුවට මතුවන අදහස් සහ තර්ක මත යළි ක්‍රිකට් පවතින පොළව මත සිටගෙන තෝරාගෙන ඇත්තේ කවුද සහ තෝරා ගත යුත්තේ කවුද යන්න පිළිබඳ කථිකාව ඇරඹිය යුතුව ඇත.ඒවා එළියට කියන්නට අවශ්‍යය නැත.කට්ටිය බැන අඬ ගසා ගනිමින් මේ කාරණාවන් ගැන සාකච්ඡා කර මේ තෝරාගෙන ඇති කණ්ඩායම වෙනස් කර පරණ තේරිම් කමිටුවේ සහ සනත් ජයසූරියගේ හිත කඩන්නේ නැතුව තවත් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුවත් කර මේ සංචිතයට ඇතුළත් කර ඔවුන්ගේ දස්කම් ගැන ද අවධානය යොමු කළ නොහැකිද?


අවසාන තේරීම වන විට මේ විසිපහෙන් අවශ්‍යය පිරිස තෝරා ගැනීමට වඩා ඊට වැඩි තවත් සුළු පිරිසක් එක් කර ඔවුන් ගැන ද සැළකිල්ල යොමු කළ හැකිනම් ප්‍රතිපලය වැදගත් වනු ඇත.ඒ නිසා අනුන් අනපු කූට්ටම බෙදා මේ සූදුව තුළ පරාජය වූ විට කූට්ටමේ අයිතිකාරයන් සමඟ බෙදා ගන්නට සිතීම නොකළ යුතුය.හොඳ තුරුම්පු එන විදිහට යළිත් කූට්ටම අනා අලුත් තේරිම් කමිටුව බෙදිය යුතුය.
පහත දැක්වෙන්නේ දැනට නම් කර ඇති කණ්ඩායමය.

  1. දසුන් ශානක
  2. පැතුම් නිශ්ශංක
  3. කුසල් මෙන්ඩිස්
  4. කමිල් මිෂාරා
  5. කුසල් පෙරේරා
  6. ධනංජය ද සිල්වා
  7. නිරෝෂන් දික්වැල්ල
  8. ජනිත් ලියනගේ
  9. චරිත් අසලංක
  10. කමිඳු මෙන්ඩිස්
  11. පවන් රත්නායක
  12. සහන් ආරච්චිගේ
  13. වනිඳු හසරංග
  14. දුනිත් වෙල්ලාලගේ
  15. මිලාන් රත්නායක
  16. නුවන් තුෂාර
  17. ඒෂාන් මාලිංග
  18. දුෂ්මන්ත චමීර
  19. ප්‍රමෝද් මධුෂාන්
  20. මතීෂ පතිරණ
  21. ඩිල්ෂාන් මධුශංක
  22. මහේෂ් තීක්ෂණ
  23. දුෂාන් හේමන්ත
  24. විජයකාන්ත් වියස්කාන්ත්
  25. ට්‍රවීන් මැතිව්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...