රාජපක්ෂලා ජීවිතේට පැනලා යන්නෙ නෑ. බංකොළොත් විපක්ෂය එක එක කතා කියනවා – ශෂීන්ද්‍ර (VIDEO)

Date:

රටේ පවතින එළවලු හිඟයට තවත් මාස දෙකක් තුළ විසඳුම් ලැබෙනු ඇති බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

“චීන නැවේ ආපු පොහොරවල ගැටලුවක් තියෙනවා. ඒ තියෙන නිසා තමයි ඒ අය නැවත ඒ නැව අරගෙන ගියේ. අපේ ප්‍රමිතියට අනුව ඒ පොහොර ටික නැවත නිෂ්පාදනය කරලා නැවත අපට ලබාදෙනවා. කොහොමත් ඉතින් බඩු ගෙනත් දුන්නාම සල්ලි දෙන්න ඕනෙ නෙ. නැතුව නිකම් දෙන්න ගෙනාපු එකක් නෙවෙයි ඒක”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මේ මුදල අපතේ යන්නෙ නෑ කියන එකද ?

“නෑ, නෑ. කිසිසේත්ම අපතේ යන්නෙ නෑ !”

ප්‍රශ්නය – දැන් රටේ එළවලු නැහැ. පිටරටින් ගේන්න සල්ලිත් නැහැ ?

“තව මාස දෙකකින් අහන්නකො ඔය ප්‍රශ්නය එළවලු නැද්ද කියලා … එතකොට මම ඕකට උත්තරයක් දෙන්නම්”

ප්‍රශ්නය – බැසිල් රාජපක්ෂ මහත්තයා රට දාලා පැනලා ගියා කියනවා. දැන් මේ ඩොලර් නැතිවෙලාවේ ඇමතිලා රටින් පනින එක ගැන මොකක්ද කියන්නෙ ?

“බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඔය චෝදනාව බංකොළොත් විපක්ෂය එල්ල කරන්නේ පළවෙනි වතාවටද ? ඒ මනුස්සයාටත් ජීවිතයක් තියෙනවා. එයා එයාගෙ නිවාඩු කාලෙ ගතකරන්න ගිහිල්ලා ආපස්සට එනවා. කිසි ගැටලුවක් නෑ ඒකෙ. යන්න පුළුවන්, එන්න පුළුවන්. පැනලා යන්නෙ නෑ ජීවිතේට රාජපක්ෂලා !”

ප්‍රශ්නය – දැන් රටේ ඩොලර් නැති වෙලාවෙ ඇමතිලාට රට යන්න ඩොලර් … ?

“ගැටලුවක් නෑනෙ ඉතින්. 225 ම ගියත් ගැටලුවක් නෑනෙ. ඩොලර් නෑ කියන්නෙ ඉතින් ඩොලර් නැතිවෙන්නෙ බැංකුවල නෙ. නෑ, ඇත්තටම මේක දැන් හොඳ තත්වයකට හැරේවි කියලා බලාපොරොත්තු වෙනවා”

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්...

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...

චෙම්මනි ඛේදවාචකය:දෙවන අදියරේ 20 වැනි දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගනී! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...