කොච්චර බඩගින්නෙ හිටියත් සිංහයො තණකොල බුදින්නෙ නෑ – කොළඹ කුලපති හිමි

Date:

කොළඹ විශ්වවිද්‍යාල‌යේ කුලපතිවරයා ලෙස පත්කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අතින් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට පසුගියදා පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී ඇතැම් උපාධිධාරීන් කටයුතු කළ අතර පසුගිය දිනවලදී සමාජ ජාලා මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් දැඩිලෙස කතාබහට ලක්විය.

ඔවුන් කුලපතිවරයා අතින් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේ අදාල තනතුර සඳහා සුදුසුකම් නොමැති පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහාය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිද ප්‍රකාශ කර තිබුණේ කුලපති තනතුර සඳහා තමාට කිසිදු සුදුසුකමක් නෙමැති බවයි.

උපාධි ප්‍රදානෝත්සවයේදී ඇතැම් උපාධිධාරීන් තමාව ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ අයිතියක් බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු අහිතක් තමා තුළ නොමැති බවත් කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

කෙසේ නමුත් කෙතරම් බඩගින්නේ සිටියද සිංහයන් තණකොල නොබුදින බව සියල්ලන් මතක තබාගත යුතු බවයි ආනන්ද හිමි පෙන්වා දෙන්නේ. ඒ් ආකාරයෙන්ම කුමන බාධක පැමිණියද ඒ පිළිබඳව සැළකිලිමත් නොවන බවත්, ජනාධිපතිවරයා තමාට ලබාදුන් තනතුරේ දිගින් දිගටම කටයුතු කරන බවත් ආනන්ද හිමි සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...

චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ...

වෙරළ සංරක්ෂණ බලකාය මාර්ග සංරක්ෂණය කරද්දී දෙහිවල – ගල්කිස්ස මහ නගරසභාව මර නින්දේ !

පහත ඡායාරූපවලින් දිස්වන්නේ දෙහිවල පාලම අසල වෙරළ තීරයේ පවතින...

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...