වැඩවර්ජනය ගැන කණගාටුයි. පත්වීම් ලේඛනයට අත්සන් කිරීමේ බලයක් GMOA එකට නැහැ! (VIDEO)

Date:

කොවිඩ් 19 තත්ත්වය සමඟ මේ වන විට පවතින ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියේ අවධානමක් පවතින විටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යාම සෞඛ්‍ය සේවයේ නිලධාරියෙකු ලෙස තමන්ද කණගාටුවට පත්වෙන බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේය.

ඒ, අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඊයේ දිනයේදී ක්‍රියාත්මක කළ වැඩවර්ජනයේදී එක ඉල්ලීමක් පමණක් ඉදිරිපත් කර තිබුන නමුත් අද දවස වන විට ඉල්ලීම් 07ක් ඉදිරිපත් කර තිබෙන බවයි විජේසූරිය මහතා ප්‍රකාශ කළේ.

මෙම ඉල්ලීම් අතර පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේදී මේ වන විට වෛද්‍යවරු නොමැතිව රෝහල හෝ සෞඛ්‍ය විද්‍යායතන වැසී තිබේද, විශේෂඥ වෛද්‍යවරයෙකු අනියුක්ත කර ඇති තත්ත්වයක එම විශේෂඥ වෛද්‍යවරයාට එම කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් වෛද්‍යවරු නොමැති නම් එම ස්ථානවලට නව පත්වීම් යොමුකිරිම,සහ මේ වන විට දුර බැහැර ප්‍රදේශවල සේවය කර ස්ථාන මාරු වීම් ලබා තිබුණද අනුප්‍රාප්තිකයෙකු නොමැතිවීමෙන් ස්ථාන මාරු වීමට නොහැකි වීම යන කරුණු ප්‍රධාන වශයෙන් සලකා බැලෙන බවයි විජේසූරිය මහතා කියාසිටියේ.

ඒ අනුව පුරප්පාඩු ලේඛනය ප්‍රමුඛතා අනුපිලිවෙලට සකස් කරන බවත් එහිදී නව පත්වීම් ලාභීන්ට අන්තර්ජාලය හරහා අයදුම්කිරීමට අවස්ථාව ලබාදෙන බවත් ඒ අනුව එම නව පත්වීම් ලැබෙන බව ඔහු සඳහන් කරන ලදී.

මෙම තත්ත්වය මත කිසිවෙකුත් ඊට විරෝධය පළකිරීමක් හෝ සිදුව නොමැති බවද විජේසූරිය මහතා පැවසුවා.

ඒ අනුව පත්වීම් ලබා දී තිබෙන 500 දෙනාගේ විරුද්ධත්වයක් ලැබී නැති අතර යම් කිසි හෝ විරෝධයක් ඇත්නම් එය සෞඛ්‍ය ලේකම්වරයාට,රජය සේවා කොමිෂන් සභාවට හෝ අධිකරණය හෝ යා හැකි හෙයින් වැඩ වර්ජනයකට යාම අනුමත කළ නොහැකි බවත් ඒ ගැන කණගාටු වෙන බවත් ඔහු කියා සිටියා.

විසඳුම් සෙවීමට ක්‍රමවේද තියෙනකොට මෙහෙම අනවශ්‍ය වැඩ වර්ජන වලට යාම පිළිගත නොහැකි බවත් නව පත්වීම් ලේඛන වලට අත්සන් තැබීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නිල බලයක් නැති බවත් විජේසූරිය මහතා අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...