කෙහෙළියව මඟහරින්න බැහැ ප්‍රමිතියෙන් තොර එන්නත් ගැන ඔහුගෙනුත් ප්‍රශ්න කළ යුතුයි!

Date:

කොළඹ LNW:විවාදයට තුඩු දී තිබෙන ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත් ගෙන්වීමේ සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පමණක් නොව එවකට විෂය භාරව සිටි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ද ප්‍රශ්න කළ යුතුවන බව එක්සත් ජනරජ පෙරමුණ අවධාරණය කරයි.

මෙම සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරයාට තිබෙන සම්බන්ධතා ගැන සොයා බැලිය යුතුවන බව එහි ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා සඳහන් කරන්නේ.

රාජ්‍ය අංශයේ සිදුවෙන බොහෝ දූෂණ සිදුවන්නේ දේශපාලන අනුග්‍රහයක් යටතේ දේශපාලකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා බවද හෙතෙම කියාසිටියි.

මේ අතර මහා පරිමාණයෙන් රටට අයවිය යුතු බදු අය නොකොට වැට් බදු ජනවාරි මස සිට වැඩි කොට සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් ද එක්සත් ජනරජ පෙරමුණ ආණ්ඩුවට විරෝධය එල්ල කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන අද (27) ජනපති ප්‍රධානත්වයෙන්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : බුද්ධශාසන, ආගමික සහ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් අද අත්අඩංගුවට ?

පසුගිය රජයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකු අද (27) දිනයේදී...

පණ ගැහෙන වර්ණයන්ට වටිනාකමක් ලබා දෙන, Maria කාචයෙන් දකින ලෝකය!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW): සමහර ඡායාරූප ශිල්පීන්...

ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ USS...