එදා විවේචනය කළ මගේ සංකල්ප අද රජය ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේදීම එළිදැක්වීම සතුටට කරුණක් – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය කාලයේ තමා දානපතියන් සම්බන්ධ කර ගෙන පාසල් රෝහල් දියුණු කරන්න පුලුවන් බවට යෝජනා ඉදිරිපත් කරන විට ඒවා මැතිවරණ සමයේ විහිලුවට ගත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැන් එම වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සහන පැකේජ නිර්මාණය කරන බවත් ඒවා සිදුවිය යුතු දේවල් බවත් මීට වසරකට දෙකකට පෙර තමා කියූ දේවල් එදා විහිලුවට ලක් කළත් එදා තමාගේ සංකල්ප විවේචනය කළ රජය අද ඒවා ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේම එළි දැක්වීම ගැන සතුටු වන බවත් සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “හුස්ම” වැඩසටහන යටතේ අරණායක ප්‍රාදේශීය රෝහලට ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී Patient Monitor 5ක්, Infusion Pump 1ක් සහ Syringe Pump 1ක් ලබා දීම සිදු විය

අවතැන් වු විපතට පත් නිවාස අහිමි සියලු දෙනාට ආරක්ෂිත ඉඩම් තුළ නිවෙස් සදා ගැනීමේ අවස්ථාව උදා කළ යුතු බවත් අනාරක්ෂිත තැනක පදිංචි වූ අයගේ අනාරක්ෂිත භාවය නිසා ඉවත් කර ඇති අතර මේ අයට ආරක්ෂිත භූමියක් තුළ හොද නිවසක් ඉදි කර ගැනීමට සහ තමන් සිටින නිවස කේන්ද්‍ර කර ගෙන ජීවනෝපාය ඇති කර ගැනීමේ අවස්ථාව ද නිර්මාණය කළ යුතු බවත් මේ සෑම දේම ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතු බවත් මෙහි දී අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් ජන ජීවිත සෑම දෙයක්ම සංවර්ධනය වන ඒකාබද්ධ වැඩපිළිවෙළක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වත් විහිලු නවත්වා වැඩ කරන්න

දිට්වා සුළි කුණාටුව කවුරුත් විහිලුවකට නොගත යුතු බවත් මේ විහිලු නිසා සුනාමියෙන්වත් පාඩම් ඉගෙන ගන්න නොහැකි වූ බවත් අදටත් ඩොෆ්ලර් රේඩාර් පද්ධති ස්ථාපිත කරන්න නොහැකි වි ඇති බවත් මේ විහිලු නිසා සිදු වන්නේ දිට්වා සුළු කුණාටුව වැනි ස්වාභාවික ව්‍යවසනවලට දිගින් දිගටම මුහුණ දීමට සිදුවීම බවත් මේවා විහිලුවලට ගැනීම රටෙත් ජනතාවගේත් පරිහානිය බවත් මේ ජීවිත අහිමි වීම ගැන කිසිදා සතුටු නොවන බවත් දැඩි ලෙස කම්පා වීම දුකට පත්වන නිසා සහන වැඩපිළිවෙළක් ලෙස සමගි ජන බලවේගය රෝහල් පද්ධතියට ආධාර උපකාර කරන බවත් විපක්ෂ නායකවරය පැවසීය.

රාජ්‍ය නිලධාරින් අසරණ නොකර එක් ප්‍රතිපත්තියක සිටින්න

අද වන විට අප රටේ පශ්චාත් සුළි කුණාටු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ඇති වූ ව්‍යාකූලත්වය ගැන නම් කණගාටුවක් ඇති වන බවත් රජය විපතට පත් බල ප්‍රදේශ අවදානම් ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියද්දි ජනතාව කදවුරුවලට ගෙනවිත් නැවතත් ඒ අවදානම් බල ප්‍රදේශවලට යොමු කරන බවත් මේවා විහිලු සහගත කරුණු බවත් අධි අවදානම් බල ප්‍රදේශවලට ජනතාව යවා යම් හෙයකින් නැවත වරක් කරදරයක් සිදු වුවහොත් රජය මෙහි වගකීම බාර ගත යුතු බවත් මේ ජීවිත අහිමි විමට තවදුරටත් ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව කුපිත කරවන අදහස් ප්‍රකාශ කරන්න එපා

ජනතාවට සහන දෙන්නට රු. බි. 500ක පරිපූරක ඇස්තමේන්තුවට සහාය දුන් නිසා කඩිනමින් මේ සහන ලබා දීමත් ඒ සහන ලබා දීම නිවැරදි ආකාරයට මෙන්ම විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කළ යුතු බවත් පරස්පර ප්‍රකාශ සිදු නොකර රාජ්‍ය නිලධාරීන් අමාරුවේ නොදමා සහන ලබා දීම් සිදු කරන ලෙසත් ජනතාව කුපිත නොකර සෘජු මතයක් දරන ලෙසට රජයට කියන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටට හොදක් වෙනවා නම් අපිත් සහාය දෙනවා

තමා සැම විටම යෝජනා කරන්නේ මේ විපත රටට සෞභාග්‍යයක් උදා කර ගැනීමට යොදා ගත යුතු බවත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවා ලෝකයාගේ දයාව කරුණුව රටට ලබා ගෙන තිබුණටත් වඩා ඉහළ සංවර්ධනයක් නිර්මාණය කළ හැකි බවත් තමා යෝජනා කළ නිසා එය ක්‍රියාත්මක නොකර සිටීමට රජය උත්සාහ දරනවාද කියා නොදන්නා බවත් යම් හෙයකින් එය පවත්වන්නේ නම් පක්ෂ භේදයෙන් තොරව සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...