දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා එල්ල වූ ව්‍යපාර යළි ගොඩනැගීමේ ක්‍රියාවලියේදී බැංකු ක්‍රියාවලිය තුළ සහනයක් ලබා දීමට මහ බැංකුව සෙසු බලපත්‍රලාභී බැංකු වෙත දනුක් දීමක් සිදුකර තිබේ.

2025 දෙසැම්බර් 05 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කරමින් මහ බැංකුව විසින් එම මාර්ගෝපදේශ සපයා ඇත. ඒ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය,මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව අදාළ පුද්ගලයින් සහ ව්‍යාපාර වෙත එම සහන ලබා ගත හැකි අතර බැංකු ක්‍රියාවලිය තුළ මෙම සහනය ගැනීම හේතුවෙන් ලබාදෙන වෙනත් සහන කප්පාදු වීමක් සිදුනොවන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ අනුව,

තාවකාලික ණය සහන ලෙස දැනටමත් ලබාගෙන තිබෙන ණය සහ පොළිය ආපසු ගෙවීම මාස තුනේ සිට හය දක්වා දීර්ඝ කිරීම.

ණය සහ පොළී ගෙවීම අත්හිටුවන කාලය තුළ එම කාලය සඳහා පොළියක් අය නොකිරීම.

ගෙවීම කල් දමන පොළිය සඳහා පොළී අය නොකිරීම.

අලුත් ණය පහසුකම් ලබා ගැනීම පිළිබඳවද මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

ලබා දෙන අලුත් ණය වෙනුවෙන් පොළිය අය කිරීමේදී පුද්ගලයා හෝ ව්‍යාපාරය අතීතයේ අවුරුදු දෙකක ලබාගෙන තිබුණු ණය මත බර තැබූ පොළී අනුපාතය හෝ 9%ක් යන පොළී අනුපාත දෙකෙන් අඩු අගය අය කිරීම. මෙය ස්ථාවර පොළී අනුපාතයකි.

පවතින තත්ත්වය තුළ චෙක්පත් අගරු විය හැකියි. එම ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් බැංකුවෙන් අය කරන ප්‍රමාද ගාස්තු, දඩ ගාස්තු අයකිරීම 2026 ජනවාරි 31 දක්වා අත්හිටුවා තිබීම.

එම ගාස්තු දැනටමත් ස්වයංක්‍රීයව අයවී ඇත්නම් නම් ව්‍යාපාරික දින තුනක් තුළ ඔබගේ ගිණුමට එය බැර කිරීමට යෝජනා කර ඇත.

ණය ලබාගැනීමේදී ණය තොරතුරු කාර්යාංශය මඟින් ලබාදෙන වාර්තා මතම පදනම් නොවී තීරණ ගැනීමට අවස්ථාව සැලසීම.

අලුතෙන් ණය ගැනීමේදී යම් ගැටළුවක් මතුවුවහොත් ඒ පිළිබඳ මහ බැංකුවේ විමර්ශන අංශයට දැනුවත් කළ හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...