මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW :

මැණික් තොගයක් චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම මැණික් තොගයෙහි වටිනාකම රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් බව සඳහන් වේ.

මොවුන් දෙදෙනා සිය සිරුරෙහි ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සගවා ගෙන ඊයේ රාත්‍රී 10.20 ට චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව යන චීන ගුවන් සේවයේ සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර, රේගු නිලධාරීවරුන්ට මොවුන් පිළිබද ඇති වූ සැකය මත , මොවුන් දෙදෙනා පරීක්ෂා කිරීම් වලට ලක් කිරීමේදී මෙම මැණික් තොගය සොයා ගැනීමට හැකිව ඇත.

එම මැණික් අතර ,

නිල් මැණික්
( Blue Shaperar ) , පද්මරාග ( Padmaracha )
කිරින්චි ( Spinel ) , රතු කැට ( Ruby ) , කනක ( Crysobery ) , සැවරයිට් ( Tsavorite
Garnet ) , වෛරෝඩි ( Cats Eye ) , චන්ද්‍රකාන්ත ( Moonstone ) , තෝරමල්ලි
( Tourmaline ) සහ ආරනූල් ( Star Shaperar)
යන ප්‍රධාන මැණික් වර්ග වල කැරට් 756 ක් බරැති මැණික් කැට 390 ක් තිබුණු බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස් වල පසුවන මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.


ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...