පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

Date:

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය ලබාදන බව ස්විට්සර්ලන්ත තානාපතිනි සිරි වෝල්ට් ( Siri Walt ) මහත්මිය සඳහන් කළාය.ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහචාර්ය උපාලි පන්නිල මහතා සමඟ අද (22.12.22025) දින පෙරවරුවේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති හමුවකදීය.

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ගලවාගැනීමේ හා සනීපාර්ක්ෂක කටයුතු පිළිබඳ සමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත ස්විට්සර්ලන්ත විශේෂඥ කන්ඩාමයමක් පසුගිය 6 වනදා ශ්‍රී ලංකාවට පැමිණ සහන කටයුතු වල නිරත විය.

එම කන්ඩායමේ නියෝජිතයන් වන අමඩු (Amadou) මහතා සහ ඉවෝන් මුලර් (Yvonne Muller) මහත්මිය මෙම හමුව සඳහා සහභාගිව සිටි අතර එම සහන කටයුතු පිළිබඳවද හමුවේදී අවධානය යොමු කරන ලදි.

ව්‍යසනය හමුවේ යලි ජීවිතය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව දක්වන සමත්කම පිළිබඳව තානාපතිනිය ඇතුළු කන්ඩායමේ ප්‍රසංශාව පලකළ අතර ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ස්විට්සර්ලන්ත රජයේ ඇගයීමට ලක්වන බවද සඳහන් කළාය.

ස්භාවික විපත් අවස්ථාවක ශ්‍රී ලංකාවේ දීර්ඝ කලීන මිත්‍ර රාජ්‍යක් ලෙස ස්විට්සර්ලන්ත රජය දක්වන සහයෝගය පිළිබඳව අමාත්‍ය උපාලි පන්නිල මහතා රජය වෙනුවෙන් ස්තූතිය පුදකරමින් අදහස් දක්වන්නට විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...