පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳවන බුෂ්රා බිබි නීතිවිරෝධී ලෙස රාජ්‍ය තෑගි ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට තහවුරු කිරීමෙන් අනතුරුව රාවල්පින්ඩි නගරයේ අදියාලා බන්ධනාගාරයේ විනිසුරුවරයා විසින් ඊයේ(21)දිනයේදී වසර 17ක සිර දඬුවම නියම කර තිබේ.

මෙම නඩුව සෞදි අරාබි රජයෙන් ලැබුණු ආභරණ ඇතුළු විවිධ තෑගි වෙළඳපල වටිනාකමට වඩා බෙහෙවින් අඩු මිලකට විකිණීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති අතර ඛාන්ගේ පක්ෂය වන පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්, සමාජ මාධ්‍ය ඔස්සේ ලියා ඇත්තේ මෙම නඩු කටයුතු ව්‍යාජයක් බවත්, එම තීන්දුව ඉතිහාසයේ කළු පරිච්ඡේදයක් ලෙස හෙළා දකින බවත්ය.

73 හැවිරිදි ඉම්රාන් ඛාන්, 2018 සිට 2022 අප්‍රේල් දක්වා පාකිස්තාන අගමැති ධුරය හෙබවූ අතර, විශ්වාසභංග යෝජනාවකින් ඔහුව ඉවත් කිරීමත් සමඟ දූෂණ සහ රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම යන විවිධ චෝදනා මත ඔහු 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...