මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW :

මුහුණු පොත ඔස්සේ , නාවික හමුදාපති කාංචන බානගොඩ මහතාගේ අභිමානයට කැළලක් වන ආකාරයෙන් අපහාසාත්මක ඵල කිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරන බව කොටුව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කර සිටියේ. හාලි ඇල පදිංචි නාවික හමුදා මූලස්ථානයේ නිලධාරියකු ඉකුත් 20 වෙනිදින කරන ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශන සිද්දු කරන බවයි .

එම අපහසාත්මක පළ කිරීම සිදුකර ඇත්තේ ,වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ බෝයගනේ ප්‍රදේශයේ පදිංචි ලුතිනන් කොමාන්ඩර් (සංඥා) වරයෙකු ඔහුගේ මුහුණු පොතේ ගිණුම ඔස්සේ බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.ඔහු එදිනම විශ්‍රාම ගොස් තිබෙන බවද වාර්තා වේ.

එම අපහසාත්මක පළ කිරීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නැතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වැඩි දුරටත් සඳහන් කර සිටී.

කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...