වාණිජ බැංකුවල පොලී අනුපාතය ඉහළට..

Date:

රජයට අයත් වාණිජ බැංකු මේ වන විට නිකුත් කර ඇති ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමා තිබේ.

ඒ පිළිබඳව කෙටි පණිවුඩ මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට රාජ්‍ය බැංකු කිහිපයක් පියවර ගෙන තිබුණි.

පාරිභෝගිකයන්ගේ ණය පහසුකම් සඳහා වන පොලී අනුපාත 15% ක් දක්වා ඉහළ දමා ඇතැයි ප්‍රධාන රාජ්‍ය බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව කෙටි පණිවිඩයක් මගින් පාරිභෝගිකයන්ට දන්වා තිබූ අතර ඒ දෙසැම්බර් මස 20 වැනිදා සිට අදාළ පොලී වැඩිවීම සිදුවන බව පවසමිනි.

මේ පිළිබඳව විමසා බැලීමේදී අනාවරණය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා ද මෙම පොලී වැඩිවීම අදාළ බවයි.

ඒ අනුව වසර දෙකකට අඩු ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා පොලී අනුපාත 3% කින් ඉහළ දමා තිබේ.

ඊට වැඩි කාලයක් පැරණි ණය පහසුකම් සඳහා පොලී අනුපාත 15% ක් වනු ඇති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...