*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

මේ මොහොතේ මැතිවරණයක් තියන්න අවශ්‍ය නෑ – නීතිඥ සංගමයේ හිටපු සභාපති යූ.ආර්. ද සිල්වා

මෙම මොහොතේ මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය කරුණක් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඡන්දයක් තියන්න රටේ කඩදාසි තියෙනවද?

රටේ මිනිස්සු දුක් විඳිද්දී සමහරුන් ඡන්දය තියන්න කියා බල කරනවා . මැතිවරණයක් ඉල්ලන්නේ රට අරාජික කරන අය. රට හැදුණහම එකතු වෙලා මැතිවරණයක් තියන්න.
පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව පවසමින් විවිධ පාර්ශ්වයන් ක්‍රියාමාර්ගවල නිරත වීමට පටන්ගෙන සිටිති.

එමෙන්ම එය මේ මොහොතේ අත්‍යවශ්‍ය අංගයක් බවට ඔවුහු මතයක් ගොඩනඟමින් සිටිති. මේ මොහොතේ ශ්‍රී ලංකාව පත්ව ඇති දුෂ්කරතා හමුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු ද යන්න ප්‍රශ්නාර්ථයකි. ඒ සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහතා සමඟ දිනමිණ කරන ලද සාකච්ඡාවකි මේ.

? ගෝලීය වසංගතයක් වන කොවිඩ් 19 නිසා අප අවුරුදු දෙකක් පමණ පීඩාවිඳලා මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. එවන් මොහොතක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට යෝජනා කිරීම පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් රටේ වෙනසක් ඇති වන්නේ නැහැ. එය ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය වගේ නොවෙයි. එය මේ මොහොතේ පැවැත්වීම සුදුසු නැහැ. අනෙක දැන් තිබෙන මැතිවරණ ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් එය කිසිදු ප්‍රයෝජනයක් නැහැ. පළාත් පාලන ක්‍රමය තුළ කෙරෙන දේවල් අපට දකින්නට ලැබෙනවා. පළාත් පාලන මැතිවරණයෙන් පත් වන ඒ මන්ත්‍රීවරුන් තමන්ට අවැසි දේ කර ගන්නවා විනා ඒ ප්‍රදේශයේ දියුණුවට කිසිදු ආකාරයේ දෙයක් කරන්නේ නැහැ. කරන්නත් බැහැ. තමන්ගේ පක්ෂයට විරුද්ධ පක්ෂයේ අය බලයේ සිටිනවා නම් ඒ මන්ත්‍රීන්ට තමන්ට අවැසි දේ මේ ක්‍රියාවලිය තුළ කොහොමත් කරන්න බැහැ. එය තමයි මෙහි ඇත්ත තත්ත්වය.

අනෙක රටේ තිබෙන තත්ත්වය අනුව මහ මැතිවරණයකට යෑම ඉතා ආසන්න කාලයකදී කළ නොහැකියි. වසර දෙකකින් ඒ කියන්නේ ලබන වසරේ පෙබරවාරි මාසය වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීය යුතු වුවත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප්‍රකාශ කළා එතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව. එම නිසා එවැනි තත්ත්වයක් තුළදී පළාත් සභා මැතිවරණයකට විශාල මුදලක් වැය කිරීම සම්පූර්ණයෙන්ම අසාධාරණ ක්‍රියාවලියක්.

පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ පාලන තන්ත්‍රය වෙනස් වෙනවා නම් රටට යහපතක් සිදු වෙනවා නම් අනිවාර්යයෙන්ම එය කළ යුතුයි. නමුත් මෙතැනදී සිදු වන්නේ හුදෙක් තව කණ්ඩායමක් පළාත් පාලන ආයතනවලට පත් වී ඔවුනට හිතුමතේ වියදම් කිරීමට ඉඩකඩ සලසා ගන්නවා පමණයි. මෙයින් රටට යහපතක් සිදු වනවාට වඩා සිදු වන්නේ අයහපතක්.

? අදාළ කාලසීමාවේ රටේ මැතිවරණ පැවැත්විය යුතුයි නේද?

මැතිවරණ පැවැත්විය යුතුයි. එහෙත් ඒ සඳහා සුදුසු පරිසරයක් රටේ තිබිය යුතුයි. මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට කන්න නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ගන්නවත් විදියක් නැහැ. ආණ්ඩුව ගෑස් සහ පෙට්‍රල්, ඩීසල් ගැටලු විසඳමින් යන මොහොතක රටට ඩොලර් ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙන වෙලාවක වගේම අපි යැපුම් ආර්ථිකයෙන් මිදිලා නිෂ්පාදිත ආර්ථිකයක් සම්බන්ධව කටයුතු කරන වෙලාවක මැතිවරණයකට ගිය හොත් එය හුදෙක්ම පොරොන්දු මැතිවරණයක් පමණක්ම වෙනවා. මැතිවරණ කියන්නේ කලබලේ තියන්න පුළුවන් දෙයක් නොවෙයි. මැතිවරණ පිළිබඳ කතා කරන අයට කියන්න තියෙන හොඳම දේ තමයි අපේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කමිටුවක් මඟින් යෝජනා කර තිබෙන මැතිවරණ ක්‍රමය ගැන සලකා බලා ඒ පිළිබඳව විවාද කොට එහි අඩුපාඩු හදා ගෙන එම පනත සම්මත කර ගෙන ඒකල මැතිවරණ ක්‍රමයකට යා යුතු බව. ඒ වගේම අනුපාත මැතිවරණ ක්‍රමය ඊට සාපේක්ෂව සාමාන්‍ය ප්‍රමාණයකට තබා ගැනීමත් වැදගත්. එසේ නොවී මේ ක්‍රමයටම මැතිවරණ පැවැත්වීම සම්පූර්ණ බොරුවක්.

? මෙවැනි අර්බුදකාරී වාතාවරණයක රටක මැතිවරණයක් තියන්නට උත්සාහ කිරීම ඔබ දකින්නේ කොහොමද?

විපක්ෂයම කියනවා රටේ ආහාර ප්‍රශ්නයක් තිබෙනවා, දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයක් තිබෙනවා, ආර්ථික ප්‍රශ්න තිබෙනවා, මිනිස්සුන්ට කන්න බොන්න නෑ කියලා. එවැනි වැරැදි මතයක් රට තුළ ගොඩනඟනවා. රටේ ආහාර හිඟයක් ඇති නොවෙන ආකාරයට කටයුතු කරන්න නම් රටේ නිෂ්පාදනය වැඩි කළ යුතුයි. ඒ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වැය කළ යුතු වෙනවා. ගොවීන්ට අවශ්‍ය පොහොර සහ ජල පහසුකම් දුන්නොත් තමයි කෘෂි නිෂ්පාදනය වැඩි වන්නේ. කර්මාන්ත නැංවීම සඳහා විදුලි බලය ඇතුළු අත්‍යවශ්‍ය සම්පත් ඒ අයට දිය යුතුයි. මෙවැනි ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සඳහා උත්සාහ ගනිමින් සිටින මොහොතක ඒවාට උදවු කිරීම විනා මැතිවරණ ඉල්ලමින් කෑගැසීම සුදුසු නැහැ. “අපි එකතු වෙලා ටික කාලයක් වැඩ කරමු” යැයි ජනාධිපති තුමා කළ ප්‍රකාශය මේ වෙලාවේ ඉතා වැදගත්. එකතු වෙලා වැඩ කිරීමට උත්සාහ නොකොට ඔවුන් පාර්ලිමේන්තුව තුළ සිටිමින් මැතිවරණ සිතියම හකුළනවා යැයි කරන ප්‍රකාශ දේශපාලන සටන් පාඨ පමණයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් රටට ප්‍රයෝජනයක් වෙනවා නම් එය කළාට කමක් නැහැ. එහෙත් මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා.

කුමන තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත් වුවත් එයට වියදම් කළ යුතුයි. එම වියදම් අවම කිරීමට කිසිදු හැකියාවක් නැහැ. එහි අවසන් ප්‍රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණය වගේ වෙනසක් රටේ ඇති වෙනවා නම් එසේ මුදල් වියදම් කර පැවැත්වීම සම්බන්ධව සලකා බලන්න තිබුණා. මේ වෙලාවෙ ඡන්දයක් ඉල්ලන්නේ රට අරාජික කරන්න උත්සාහ කරන අය.

? පළාත් සභා ක්‍රමය ගැන ඔබේ අදහස කුමක් ද?

පළාත් සභා ක්‍රමයේ කිසිදු ගැටලුවක් නැහැ. පළාත් සභා නැතිව ආණ්ඩුකාරවරු දැනට එම පළාත් හොඳින් පාලනය කරනවා. එය පැහැදිලිව පෙනෙන්න තිබෙන දෙයක්. 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වුණු වැරැදි ක්‍රමය අපි කවදුරටත් ක්‍රියාත්මක කරන්නේ ඉන්දියාව සැනසීම සඳහායි. ඉන් අපේ රටට කිසිදු ප්‍රයෝජනයක් නැහැ. මේ සඳහා විශාල වශයෙන් විරුද්ධ වූ අය දැන් ඒ ගැන කතා කරන්නේ හුදෙක් රටේ පාලකයාගේ කකුලෙන් ඇදීම සඳහායි.

? ඔබ කියන්නේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට සුදුසු කාලය කුමක් කියා ද?

මම සිතන්නේ මේ මොහොතේ හැකි තරම් රටේ ජනතාව උනන්දු කරවලා රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම සඳහා පියවර ගත යුතුයි. රටට මුදල් එන ක්‍රමය වඩාත් ස්ථිර කිරීමට පියවර ගත යුතුයි. මුදල් වැය කොට සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුයි. එසේ කිරීමෙන් පසුව අපේ රට කිසියම් ස්ථාවරයකට පැමිණි පසු මැතිවරණයක් පැවැත්වීම සුදුසුයි.

? මේ මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධව නීතිමය බලපෑමක් නැද්ද?

නීතිමය බලපෑමක් ඇති නොවෙන පරිදි ඒ අය කුමක් හෝ ක්‍රමවේදයක් ඇති කරන්න පුළුවනි. එහෙත් ඒ අය නීතිය ඉදිරියට යන්නේ රටට ප්‍රයෝජනයක් වෙන්න නොවෙයි. කිසියම් කාල සීමාවක් තුළ මැතිවරණ පැවැත්විය යුතුයි කියා නීතියක් තිබෙනවා. එහෙත් ඒ සඳහා අනුගමනය කළ හැකි ව්‍යතිරේක ක්‍රම තිබෙනවා. හරි මැතිවරණ ක්‍රමයක් සකසා ගන්නා තුරු මැතිවරණය කල් දැමීම කිසිදු විදියකට නීති විරෝධී නැහැ.

අලුත් පනත ගෙන ඒමට විපක්ෂයේ කවුරුත් උදවු කරන්න ඕනෑ. එහෙම නැතිව පරණ ක්‍රමයටම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැඩක් නැහැ. විශාල මුදල් ප්‍රමාණයක් වැය වෙනවා පමණයි. උදාහරණයක් විදියට පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පොදුජන පෙරමුණ සියලු පළාත් ජය ගත්තත් ඔවුන්ට වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. පසුව ඔවුන්ගේ ආණ්ඩුවකදී තමයි වැඩ කරන්න හැකි වුණේ. එතැනදී එම ඡන්දය වෙනුවෙන් වැය කළ මුදල් අපතේ යෑමක් පමණයි සිදු වුණේ.

? මේ පළාත් පාලන මැතිවරණය කොපමණ කාලයකට කල් දමා ගත හැකි ද?

පළමුවෙන් අයි.එම්.එෆ්. එක හරහා ක්‍රියාත්මක කෙරෙන ණය ක්‍රමයෙන් රටට මුදල් ලබා ගන්න ඕනෑ. ඉන්පසු රටේ මූලික ගැටලු ටික විසඳගෙන පිටරටින් බඩු ගෙන්වා ගන්න පුළුවන් කාලයකදී කඩදාසි ප්‍රශ්නයත් විසඳා ගැනීමට අපට හැකි වෙනවා. ඉන්පසු එම ක්‍රමවේදයට අනුව ජනතාව සාමාන්‍ය තත්ත්වයට පත්වුණු පසුව මැතිවරණයක් පැවැත්විය හැකි පරිසරයක් රටේ ගොඩනැඟෙනවා. ඊට පසුව පළාත් පාලන නියෝජිකයන්ගෙනුත් ප්‍රයෝජන අරගෙන කටයුතු කරන්න පුළුවනි.

? මේ මැතිවරණය පැවැත්විය යුතුයි කියා ආණ්ඩුවට බලපෑම් කරන්න විපක්ෂයට පුළුවන් ද ?

විපක්ෂයට පාරේ බැහැලා කෑගහන්න පුළුවනි. ඒ අය හැමදාම කළේ එයයි. එය මෙයට විසඳුමක් නොවෙයි. හරි නම් විපක්ෂය කියන්න ඕනෑ අපට මේ මැතිවරණ එපා අපි එකතු වෙලා වැඩ කරලා මේ රට ඉහළට ගෙන එමු කියලයි. විපක්ෂය මැතිවරණයක් ඉල්ලන්නේ ඒ අයගේ තෘප්තිය සඳහා පමණයි.

? මහ මැතිවරණයට කලින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි නේද?

එහෙම නීතියක් තිබෙනවා තමයි. නමුත් හැම නීතියක් සඳහාම ව්‍යතිරේකයක් තිබෙනවා. එහිදී රටේ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ එය කල් දමා ගත හැකියි. දැන් තිබෙන්නේ අපේ රටේ මැතිවරණයක් පැවැත්විය හැකි කාලයක් නොවේ. රටේ ජනතාවට කන්න බොන්න දිය යුතුයි. ජනතාවගේ ආර්ථික සහ සමාජයීය ගැටලු පළමුව විසඳිය යුතුයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan