Friday, March 31, 2023
spot_img

Latest Posts

තාමත් ඉන්දියාවෙ ඉන්ධන මිල අපිට වඩා වැඩියි – මහබැංකු අධිපති

ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දැමීමට සිදු වූයේ විනිමය අර්බුදය හේතුවෙන් බවත් මිල ඉහළ දැමීම හරහා ඉන්ධන සැපයුම පාලනය කිරීමට උත්සාහ කරන බවත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ඒ හරහා විදේශ විනිමය රටින් පිටතල ගලායාම යම් පමණකට හෝ පාලනය කරගත හැකි වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විනිමය අර්බුදය හේතුවෙන් ඉන්ධන සඳහා සහනාධාර ලබාදිය නොහැකි බවද කබ්රාල් මහතා සඳහන් කරනවා.

ඉන්ධන මිල දරාගත නොහැකි මට්ටමට ඉහළ දමා ඇති බවට චෝදනා එල්ල වුවද තවමත් මෙරට තුළ ඉන්ධන අලෙවි කරන්නේ ඉන්දියාවටත් වඩා අඩු මිලකට බවද මහබැංකු අධිපතිවරයා පවසනවා. මිල ඉහළ දැමීමෙන් පසු මෙරට තුළ රුපියල් 210 කට අලෙවි කරන සුපිරි පෙට්‍රල් ලීටරයක් ඉන්දියාවේ අලෙවි වන්නේ රුපියල් 264 ක් වැනි ඉහළ අගයකට බවද ඔහු පෙන්වා දෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.