තාමත් ඉන්දියාවෙ ඉන්ධන මිල අපිට වඩා වැඩියි – මහබැංකු අධිපති

Date:

ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දැමීමට සිදු වූයේ විනිමය අර්බුදය හේතුවෙන් බවත් මිල ඉහළ දැමීම හරහා ඉන්ධන සැපයුම පාලනය කිරීමට උත්සාහ කරන බවත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ඒ හරහා විදේශ විනිමය රටින් පිටතල ගලායාම යම් පමණකට හෝ පාලනය කරගත හැකි වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විනිමය අර්බුදය හේතුවෙන් ඉන්ධන සඳහා සහනාධාර ලබාදිය නොහැකි බවද කබ්රාල් මහතා සඳහන් කරනවා.

ඉන්ධන මිල දරාගත නොහැකි මට්ටමට ඉහළ දමා ඇති බවට චෝදනා එල්ල වුවද තවමත් මෙරට තුළ ඉන්ධන අලෙවි කරන්නේ ඉන්දියාවටත් වඩා අඩු මිලකට බවද මහබැංකු අධිපතිවරයා පවසනවා. මිල ඉහළ දැමීමෙන් පසු මෙරට තුළ රුපියල් 210 කට අලෙවි කරන සුපිරි පෙට්‍රල් ලීටරයක් ඉන්දියාවේ අලෙවි වන්නේ රුපියල් 264 ක් වැනි ඉහළ අගයකට බවද ඔහු පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...