කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරගත්තා වගේම රටත් දියුණු කරනවා – ප්‍රසන්න රණතුංග

Date:

කොවිඩ් පාලනය කර ජනතාවගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා මූලිකත්වය දුන් ජනාධිපතිවරයා මේ වනවිට දේශීය නිෂ්පාදන ආර්ථීකයක් ගොඩනැංවීමේ අභියෝගාත්මක කාර්යයට උරදී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. වස විසෙන් තොර ආහාර ලබාදීම ආදී රටක පැවැති ක්‍රමවේද වෙනස් කරන ජනප්‍රිය නොවන තීන්දු තීරණ හේතුවෙන් ආණ්ඩුව විවේචනය වුවත් රටටත්, අනාගත පරපුරටත් වඩාත් යහපත් තීරණ ගැනීම ජනාධිපතිවරයාගේ ක්‍රමවේදය බවද ඔහු කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මිනුවන්ගොඩ පැවැති අයවැය පිළිබද ජනතාව දැනුම්වත් කිරීමේ රැස්වීමකට එක්වෙමිනි.

2015 දී ඇති කිරීමට උත්සාහ කළ වෙනසට වඩා ආර්ථිකමය වෙනසක් ඇති කිරීමට මෙවර අයවැයෙන් උත්සාහ කර ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා මෙතෙක් කලක් නිළධාරීන් කොළඹට වී ප්‍රතිපත්ති සකස් කිරීමේ ක්‍රමවේදය වෙනුවට ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවමින් දේශීය ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා වූ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මෙවර අයවැය ඉදිරිපත් කර ඇතැයිද කීවේය.

නව ව්‍යාවසායකයින් හදුනා ගැනීම, මේ වනවිටත් ව්‍යාපාර පවත්වා ගෙන යන ව්‍යාවසායකයින් නගා සිටුවීම ආදී ගමේ ආර්ථිකය නැංවීමේ වැඩපිළිවෙළ සකස් කර ගැනීමේ වගකීම මෙවර අයවැයෙන් ගමට පවරා ඇති බැවින් ගමත්, ආසනයත්, රටත් ආර්ථික වශයෙන් ගොඩනැංවීම ජනතාව වෙත පැවරෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම සමග පිළිසදර වැඩපිළීවෙල මගින් මෙම ක්‍රමවේදය හදුන්වා දුන්නේ විපක්ෂයේ සිටින අවධියේදීය. එම වැඩපිළිළේ දිගුවක් ලෙස මෙවර අයවැය හැඳින්විය හැකි අතර එදා මන්ත්‍රීවරු ලෙස ගෙනගිය වැඩපිළිවෙළට මෙවර රාජ්‍ය යාන්ත්‍රණයද සහභාගි කර ගිනිමින් රට ඉදිරියට ගෙන යාමට සැලසුම් සකස් කර ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථීකය නැංවිම සඳහා නිසි වැඩපිළීවෙලක් සහිතව බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කොවිඩ් ලෝක වසංගත තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා මූලිකත්වය දීමට සිදුවූ බවද කී ඇමැතිවරයා පෙන්වා දුන්නේ ජනතාව කොවිඩ් වසංගතයෙන් මුදවා ගැනීම කෙරෙහි ජනාධිපතිවරයා මූලිකත්වය දුන්නේ 5.8 ක් ලෙස පැවැති ආර්ථික වර්ධන වේගය යහපාලන ආණ්ඩුව විසින් 2.7 ක් දක්වා අඩු කර තිබියදීත් බවයි.

වසංගතය හේතුවෙන් රටවල් අතර සම්බන්ධතාව දුරස් වීම, රටවල් වසා දැමීම හා භාණ්ඩ ගෙන්වීම සීමා කිරීම ආදිය නිසා විවෘත ආර්ථිකයේ අයහපත් තත්ත්වය හදුනාගැනීමට වඩා හොද අවස්ථාවක් හිමිවී බවත්, විදේසගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම් අහිමි වීම, සංචාරක ව්‍යාපාරය ඇද වැටීම, ඇගලුම් කර්මාන්තයේ බිද වැටීම ආදිය හේතුවෙන් විදේශ විනිමය අහිමි වීම දේශීය නිෂ්පාදනවල වැදගත්කම වැඩි වැඩියෙන් අවබෝධ වූ අතර ඒ සදහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමුව ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...