උතුරු කොරියානුවන්ට හිනා වෙන්නත් තහනම්! මත්පැන් තහනම්! සාප්පු සවාරි තහනම්!

Date:

සිය රටවැසියන් දින 11 ක කාලයක් සිනා නොවී සිටිය යුතු බවට උතුරු කොරියානු නායක කිම් ජොං උන් නියෝගයක් පනවා තිබෙනවා. දෙසැම්බර් 17 වැනිදා සිට මෙම නියෝගය බලපැවැත්වෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

උතුරු කොරියානු නායකයා මෙවැනි නියෝගයක් නිකුත් කර තිබෙන්නේ, සිය සීයා වන හිටපු උතුරු කොරියානු අසහාය නායක කිම් ඉල් සුන් ගේ ගුණානුස්මරණය වෙනුවෙනි. ඔහු සැමරීම සඳහා රටපුරා දින 11 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම කාලසීමාව තුළ මත්පැන් භාවිතය රටවැසියන්ට තහනම් වන අතර සාප්පු සවාරිවල නිරතවීමද තහනම් වේ. එමෙන්ම විනෝදාස්වාදය සපයන කිසිදු ක්‍රියාවක නිරතවීමද වළක්වා තිබෙනවා.

උතුරු කොරියානු සමාජවාදී පාලනයේ නිර්මාතෘ කිම් ඉල් සුං ගේ සිට පාලන පරම්පරා තුනක් තිස්සේ උතුරු කොරියානුවන් දැඩි පීඩාවට පත්ව සිටින අතර සිනහවීම කෙසේ වෙතත් පුරවැසියන් බහුතරයක් සිටින්නේ තමන් ගෙවන දුක් කම්කටොලු වෙනුවෙන් හඬා වැලපීමටද බියෙනි. එසේ තිබියදී එරට පුරවැසියන්ට අමුතුවෙන් සිනහව තහනම් කිරීමට නීති පැනවීමට අවශ්‍ය නොවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...