*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ජනපති රනිල්ගෙන් නව පත්කිරීම් 12ක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත්කර තිබේ.

2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම් සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස වසන්තා පෙරේරා මහත්මිය පත්කර ඇත.

අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එන්.එම් රණසිංහ මහතා පත් කර තිබේ.

වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කර ඇත.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩබ්ලිව්. පී.පී යසරත්න මහතා පත්කර ඇත.

වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සමන් දර්ශන පාඬිකෝරාල මහතා පත්කර තිබේ.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට බී. කේ. පී. චන්ද්‍රකීර්ති මහතා පත්කර ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පත් කෙරුණි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා පත්කර තිබේ.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්කර ඇත්තේ ධර්මශ්‍රී කුමාරතුංග මහතා ය.

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan