*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

පොඩි මිනිහට අත හිත ලබා දීමට කැපවෙන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය!

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාවට නංවන ලද නව අපනයනකරුවන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අපනයන වෙළෙඳපොළට ඇතුළුවීම සඳහා අපනයන හැකියාව වර්ධනය කිරීම අරමුණු කර ඇත.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙහි(EDB) නව අපනයන සංවර්ධන වැඩසටහන (NEDP) යටතේ ලියාපදිංචි වී ඇති කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින්ට (SMEs) සහාය වීම ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ අපනයන අලෙවිකරණ සැලසුම් සංවර්ධනය කිරීම සඳහා පළමු පියවර ලෙස සති 6 ක පුළුල් අපනයන පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කරන ලදී.

වැඩසටහන අදියර 3 කින් සමන්විත වූ අතර වැඩසටහනේ පළමු පියවර ලෙස අභ්‍යන්තර ඇගයීම් මණ්ඩලයක් විසින් අපනයන විභවයන් පෙන්නුම් කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෝරා ගන්නා ලදී.

දෙවන අදියරට අපනයන අලෙවිකරණ සැලසුම් පිළිබඳ පුද්ගල සහ කණ්ඩායම් පුහුණු සැසි ඇතුළත් විය.

අපනයන අලෙවිකරණ සැලැස්ම (EMP) පුහුණුකරුවන් ලෙස ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) විසින් පුහුණු කරන ලද අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම තොරතුරු සැසි පවත්වන ලදී.

මීට අමතරව, අපනයන වෙළෙඳපොළ සඳහා ඇසුරුම්කරණය සංවර්ධනය, අලෙවිකරණය සහ සන්නාමකරණය, සැපයුම් සහ අපනයන ලියකියවිලි වැනි අපනයන සැලසුම්කරණයේ වැදගත් අංශ පිළිබඳව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා දැනුම හුවමාරු කිරීමේ සැසි කිහිපයක් කර්මාන්තයේ ප්‍රවීණයන්ගේ සහාය ඇතිව පැවැත්විණි.

අවසාන අදියරේදී 2023 දෙසැම්බර් 5 වන දින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 17ක් තම අපනයන අලෙවිකරණ සැලසුම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan