ලකුණු යන්තර අතර මුල් තැන තේනුක ට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): මෙවර අන්තර් සමාජ රග්බි පාපන්දු ලීග් තරගාවලියේ නත්තල් සතිය වෙනුවෙන් තරග ක්‍රියාත්මක වීම තාවකාලිකව නැවතී ඇති අතර මේ දක්වා පැවති තරග දක්ෂතා අතින් ඉදිරියෙන්ම රැඳෙමින් මේ දක්වා වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කර ගත් ක්‍රිඩකයා බවට සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමේ තේනුක නානායක්කාර ලකුණු 32 ක් ලබා ගෙන පෙරමුණේ සිටිනවා.


උත්සාහක දිණුම් වාර්තා කිරීමේදී වැඩිම උත්සාහක දිණුම් ප්‍රමාණයක් නාර්තා කර සිටින්නේ සීආර් කණ්ඩායමේම ලසිඳු කරුණාරත්නයි.ඔහු උත්සාහක දිණුම් 4 ක් වාර්තා කර තිබෙන අතර තේනුක ගේ ලකුණු 32 සඳහා උත්සාහක දිණුම් අවස්ථා තුනක් සාර්ථක කරගෙන තිබෙනවා.
මේ අතර ගෙවුණු ආසියාතික ක්‍රීඩා උළෙලේදී හ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් තරින්ද රත්වත්ත මහනුවර ක්‍රිඩා සමාජය වෙනුවෙන් මේ වන විට ලකුණු 28 ක් එක් කර තිබෙනවා.ඔහු වැඩිම ලකුණුලාභීන් අතර දෙවන තැන පසු වෙනවා.


අට වතාවක්ම එක දිගට ලීග් සූරතාවය අත් කරගෙන සිටින මහනුවර කණ්ඩායම මේ වන විට නිමා වී ඇති තරග තුන අවසානයේ අපරාජිතව පෙරමුණ ගෙන සිටිනවා.ඔවුන් මෙන්ම සීආර් කණ්ඩායම ද තරග තුනම ජයගෙන අපරාජිත කණ්ඩායම් අතරේ සිටින බැවින් මෙවර තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගැනීමට ඉඩ තිබෙනවා.තරග තුනක් අවසාන වන මොහොතේ කිසිඳු ජයග්‍රහණයක් වාර්තා කරන්නට බැරි වී ඇති කණ්ඩායම් දෙකක් දකින්නට ලැබෙන අතර ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එම කණ්ඩායම් දෙකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...