*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

ජනපති e කොළම.

අශෝක ජයතුංග

වොෂින්ටන් DC :

🎀 රනිල්…සැරසේන් එල්ලවේන්…..?

🎀 රාජපක්ෂලා සරම උස්සා ඔළුව වසා ගැනීම…?;

🎀 පොහොට්ටුවේ හැංගි මුත්තා ධම්මික ද…..?

🎀 “කැළණි යකා” රනිල් ද දිලිත් ද…..?

🎀 ඇමෙරිකන් මහින්දට රනිල් ගෙන් සැලියුට්….?

🎀 ජවිපෙ හා සෙසු විපක්ෂය රට නොමග යවන හැටි ආශු පහදයි.

රනිල් 2019 දී ගෝටා ට රට බාර දුන්නේ ඩො බිලි 7 . 9 ක විශාල සංචිත සමගය. එහෙත් වසරකට රු. බිලි. 700 ක් හෙවත් කෝටි 70,000 ක බදු සහන යාළුවන්ට දුන් ගෝඨා ගේ කාලයේ රට බංකොලොත් විය. එම බදු සහනය දැන් වසර 04 කදී කෝටි 2, 80,000 ක් දක්වා ඉහළ නැග තිබේ. රට ත් ජනතාවත් අනාථය. ඒ බිස්නස් යාළුවන්ට රජ මගුල්ය.

බදුබර හා බඩුමිල වැඩි බවට මහින්ද රාජපක්ෂ  පසුගියදා නිවේදන නිකුත් කොට පොහොට්ටුව ඊට වගකිවයුතු නැති බව කීවේය. රට බංකොලොත් කළ බවට උසාවිය තීන්දු කර තිබියදී ආණ්ඩුවේ ඇමතිකම් වලින් 90% ක් පොහොට්ටුව දරමින් සිටියදී සියලු ප්‍රශ්න රනිල් පිට පැටවීම සරම උස්සා ඔළුව වසා ගැනීමක් බඳුය. 

පොහොර ඉන්දන ගෑස් අත්‍යවශ්‍ය ආහාර ගේන්නට පවා ඩොලර් නැති සමයක හැම එකාම  ඇග බේරගනිද්දී රනිල් ඒ කෝචිචියට බෙල්ල තිබ්බේ නැතිවෙන්නට දෙයක් නැති නිසාය.

IMF සමග පොර බදා මේ වනවිට වාරික දෙකකට ඩො මිලි 670 ක් ලබාගෙන තිබේ. ඒ සුදුසුකම තුළ ලෝක බැංකුවෙන් ඩො මිලි 250 ක් හා ආසියානු සංවර්දන බැංකුවෙන් ඩො මිලි 200 ක් ද ගිය සතියේ ලැබිණ. ඔහු රට බාරගන්නාවිට ඩො. මිලි 20 ක එනම් දින 02 කට ප්‍රමාණවත් හිගන ලාච්චුවක් සහිත රටක් දේශප්‍රේමීන් තනා තිබිණ. එහෙත්  අද ඩො බිලි 04 ඉක්මවූ විශාල සංචිත සහිත රටක් බවට පත් කළේ ඒ දේශද්‍රෝහී, ඇමෙරිකන් හා බටහිර ගැති රට පාවාදෙන කපටි නරියා රනිල් ය.

     “එතුමා 2001 දීත් රට බංකොලොත් වූණාම ගොඩගත්ත මැනේජර්. වැට් 15% ට තිබුණා. ඒක 18% කලාම බින්දුවේ ඉදල කලා වගේ ජවිපෙ හා විපක්ෂය අද රට නොමග යවනවා” මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

       අමාරු වෙලාවේ රටට වැඩිම ඔක්සිජන් සැපයූ  ඇමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ සියරට ගොස් ජනපතිද හමුවිය. ඉදිරි වසරේ ඇමෙරිකාව සමඟ කටයුතු කලයුතු අයුරු ගැන එහිදී කතිකා කෙරිණ.

               “IMF වැඩේට කල මැදිහත්වීම වටිනවා. ලෝක හා ආසියානු බැංකුවල සහායත් ලැබුණා. ඒ මූලස්ථාන වැඩි හරියක් වොෂින්ටන් වල තිබුණු එක වාසියක්” ලේසියෙන් සෙටිපිකට් නොදෙන රනිල් ඇමෙරිකන් මහින්ද නාවා සබන් ගා ඇඟේ තෙත ද  මාත්තු කළේය.

       “කෝටි 3000 ක බෙහෙත් හා US Aid එකෙන් පෝර නොමිලේ ගන්නත් ඔබතුමාගෙ මග පෙන්වීම වැදගත් වුණා” තමාට වැටුණු මල්මාලා ඇමෙරිකන් මහින්ද  රනිල්ට පැළඳුවේ එසේය.

       රනිල් හීතල දියතලාවේ ගියේය. එහි විවේක ගෙන නුවර ආවේ ගිණිගත් ඩී ඇස් ශ්‍රවණාගාරයට යහපාලන කාළේ සිය අගමැතිකම යටතේ කිරිඇල්ල මුල්ගල තිබූ ශාලාව විවෘත කරන්නටය.

    “ඩී ඇස් මැතිතුමාගෙ නම හලපු එකට අපි විරුද්දයි” පිරිසක් උද්ගෝෂණ කළහ. එය පටු දේශපාලන වූන් එකක් බව පසුව අනාවරණය විය.

     ” බලය ගැන හිතනවා නම් ජනප්‍රිය තීන්දු විතරක් ගන්න වෙනවා. රට වැටුණෙ හිටපු හැමෝම එහෙම කළ නිසයි.මගේ දේශපාලනය උගස් තරල හරි රට ගොඩ ගැන්නවා” ජනපති කීවේය.

      රනිල් ගේ මේ කතා නිසා ඔහු ජනපතිවරණයට ඉල්ලන්නේ නැති බවට මතවාද පැතිරේ. සාගල හා සමන් ඒකනායක ඉවත් කරන බව ද එහි තවත් කොටසකි. සාගල  වෙන තනතුරකටත් සමන් නිව්යෝර්ක් එජා තානාපති කිරීම ගැන ද කියවින. සමන්ගේ තනතුරට පිරිහුනු පොහොට්ටු නිළධාරියෙක් වජිර හරහා සිංහාසණාරූඩ කරන කතාවක්ද පැතිරිණ.

     “අපි නම් දන්නෙ න. එකම තැනකින් මේව ප්ලාන්ට් වෙන්නේ” සාගල හා සමන් කියන්නේ එහෙමය.

      එළියට නොබැස හැංගී සිටි පොහොට්ටුව රනිල් ගේ රැකවරණ යටතේ කල එළි බැස්සා පමණක් නොව පසුගියදා සමුළුවක් ද තිබ්බේය. ඊට එන බස් හා පාක්ෂිකයන්ට බෙිරේ නාන තර්ජණ ආවද රනිල් සියල්ලට ආරක්ෂාව දුන්නේය. සමුළුවේදී ධම්මික පෙරේරා වීදුරු පෙට්ටියක තබා ප්‍රදර්ශනය කළේ ජනපති අපේක්ෂක ලෙස අගවමිනි.

         කපටි නරියා ඒ සමගම කැබිනට් හමුවෙන් පසු තමා තරඟ කරන බව කියා එය රටට ලීක් කළේය. නාමල් සාගර හා පොහොට්ටුවට කරකියාගත දෙයක් නැතිව “ධම්මික” අපේක්ෂකයා නෙවෙයි, 04 දෙනෙක් ඊට පොරබදනවායි කියා ඇග බේරාගත්තේය.  අපේක්ෂකත්වය පෙන්වා පොහොට්ටුව ධම්මිකගෙන් ලක්ෂ 150 ඉක්මවා දත් ගැලවූ බව ද කියවෙයි. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන බව මෙතනදීද පැහැදිලිවී තිබේ.

    “පොහොට්ටුව හා තව ප්‍රධාන පක්ෂයක් සහාය දෙනව නම් විතරයි මම ඉල්ලන්නේ” ධම්මික ව්‍යාපාර සගයෙකුට කියා තිබේ.

     තම මුදල් බලය තුළ ජවිපෙ සහාය ලැබෙතැයි ඔහු සිතන බව ද කියවේ. තෙල් හා වතුර කලවම් නොවන බව තනතුරු උන්මාදය හමුවේ සමහරුන්ට නොතේරීම ඊට නිදසුනකි.

    එම රේස් එකේ වැඩිම දුරක් දුව ඇති දිලිත් ෂැංග්‍රිලා වෙඩිමකදී රනිල් මහින්ද හා වජිරට හමුවිය. එතනදී එහි සිටි හැමෝම උගුරට හොරා බෙහෙත් බිව්වේය.

    “මුං රොත්තටම දේවිද මේ කැළණි යකා” ලෙස එම ඡායාරූපයට සමාජ මාධ්‍ය වල දැවැන්ත  කාව්‍යමය ප්‍රතිචාර ලැබිණ. “කැළණි යකා රනිල් ද දිලිත් ද” යන්න දැන් රටට ගැටලුවක් වී තිබේ.

    තමිල්නාඩුවම පරදා ගායන ශ්‍රරතාව දිනූ කිල්මිෂා ට සුබ පැතූ ජනපති සීතල නත්තලට සීතල පෙදෙසකට ගියේ බිරිඳ මෛත්‍රී සමගිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan