දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සදහා තට්ටු නිවාස ලබාදෙන බවත් ඒ සදහා මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරු හරහා ඉඩම් හදුනාගෙන ඇති බවත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසීය.

එමෙන්ම ආපදාවට පත්වූ ජල සම්පාදන කටයුතුවලින් 95%ක් මේ වන විට සකසා අවසන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

නිවාස,ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකව පවතින අතර ඉන්බොහොමයක් විදෙස් ණය හා ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති වෙයි. එම ව්‍යාපෘති විද්‍යානුකූලව ඇගයීමටත්, ඒ සම්බන්ධව උපදෙස් ලබා දීමටත් අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘති ඵලදායි ලෙස තිරසාර සංවර්ධනයට උපයෝගී කර ගැනීම සඳහා ස්වේච්ජා ඉංජිනේරු උපදේශකවරුන් පත් කිරීම නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සිදුවිය.

2026 වසර යනු වැඩ අධික වසරක් වන අතර ඒ වෙනුවෙන් රු. බිලියන 500ක් ද වෙන් කර තිබෙන බවත් වඩා හොද රටක් ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...