දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සදහා තට්ටු නිවාස ලබාදෙන බවත් ඒ සදහා මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරු හරහා ඉඩම් හදුනාගෙන ඇති බවත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසීය.

එමෙන්ම ආපදාවට පත්වූ ජල සම්පාදන කටයුතුවලින් 95%ක් මේ වන විට සකසා අවසන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

නිවාස,ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකව පවතින අතර ඉන්බොහොමයක් විදෙස් ණය හා ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති වෙයි. එම ව්‍යාපෘති විද්‍යානුකූලව ඇගයීමටත්, ඒ සම්බන්ධව උපදෙස් ලබා දීමටත් අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘති ඵලදායි ලෙස තිරසාර සංවර්ධනයට උපයෝගී කර ගැනීම සඳහා ස්වේච්ජා ඉංජිනේරු උපදේශකවරුන් පත් කිරීම නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සිදුවිය.

2026 වසර යනු වැඩ අධික වසරක් වන අතර ඒ වෙනුවෙන් රු. බිලියන 500ක් ද වෙන් කර තිබෙන බවත් වඩා හොද රටක් ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුව...

බාල ඖෂධ : චෝදනා කරන වෛද්‍ය චමල් සහ චූදිත බෙනරගම හමුවුණු මොහොතක් ?

රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මේ දිනවල...

බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...

බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...