දිළිඳුකම තුරන් කිරීමට සමෘද්ධියෙන් අලුත් වැඩක් – සංචාරක කර්මාන්තයටත් අත්වැලක්!

Date:

කොළඹ LNW:සංචාරක කර්මාන්තය හරහා ග්‍රාමීය ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ Homestay Tourisam ප්‍රවර්ධන වැඩසටහන ජනගත කිරීම හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව (Ceygate Travels(pvt)ltd) ආයතනය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම අද (23 ) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වෙමින් ආර්ථික වශයෙන් සවිබල ගැන්විය හැකි ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිත අඩු ආදායම්ලාභී ප්‍රජාව සංචාරක කර්මාන්තය සඳහා පුරුදු පුහුණු කිරීමත් , පසුබිම සැලසීම, ආධාර හා ණය පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් සී.ඩී කළුආරච්චි, Ceygate Travels (pvt) Ltd ආයතනය වෙනුවෙන් එහි කළමනාකරණ අධ්‍යක්ෂ කේ.එස්.ඒ.සී සෙනරත් ආරච් මහත්වරුන් විසින් වැඩසටහන සම්බන්ධ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදු විය.

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් Ceygate අන්තර්ජාල යෙදවුම විවෘත කිරීම සිදුකළ අතර, ඒකාබද්ධ වැඩසටහනට අදාළ පූර්ව ප්‍රචාරක දැන්වීම ප්‍රදර්ශනය කිරීම ද මෙහිදී සිදුවිය.

ඇමරිකාවේ ශාන්ත ලුයිස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් කරුණාරත්න, Ceygate Travels සභාපති සුනිල් හේරත් මහත්වරුන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ වැඩසටහනේ කාලීන අවශ්‍යතාවය පිළිබඳව අදහස් දක්වන ලදී.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...