වැඩ වර්ජනය තවත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා – GMOA

Date:

දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

“අතිගරු ජනාධිපතිතුමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, සෞඛ්‍ය ලේකම්තුමාත් එකතු වී මේ ගැටළුව විසඳීම සඳහා සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියා. ඒ සාකච්ඡා කිරීම ආරම්භ වුණා, ඒ සම්බන්ධව දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණියා ර.වෛ.නි.ස. ඉදිරිපත් කරලා තියෙන කරුණු කාරණා පිළිගන්නවා කියන එකට. ඊට අමතරව එහිදී තිබෙන නෛතිකභාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ගැටළුවක් නොමැති බව පිළිගත්තා.

නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යම් ආකාරයකින් අනුමැතිය අවශ්‍ය බව සෞඛ්‍ය ලේකම්වරයා පවසපු හින්දා අපට වර්ජනය දිගටම පවත්වන්න සිදුවෙනවා. අද දිනය වනවිට අපි වෘත්තීය සමිති කිහිපයක් මේ වර්ජනයට සහාය පළකිරීම සඳහා පැමිණෙනවා. ඒ වගේම මෙම වර්ජනය තවත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා”

යනුවෙනුයි එම සංගමයේ විධායක සභික, වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

ර.වෛ.නි.ස වැඩ වර්ජනය දැනට දින තුනක් තිස්සේ ක්‍රියාත්මක වන අතර රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට එන දුගී දුප්පත් ජනතාව මේ නිසා දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. කෙසේවෙතත් වෛද්‍යවරුන් පෞද්ගලික චැනලින් සේවාවන් හරහා ප්‍රතිකාර ලබාදීම ක්‍රියාත්මක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...