සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ ආවෘත ආර්ථිකයෙන් වෙළෙඳ හිඟ ප්‍රශ්නයක් මතු නොවුණත් ආර්ථික වර්ධනය මන්දගාමී වූ නිසාම 1978 විවෘත ආර්ථිකය හඳුන්වාදී ආර්ථික වර්ධනය පිබිදීමට ලක් වූවත් අපනයන හා ආනයන පරතරය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් 2000 වනවිට ඩොලර් බිලියන 1.8 කට ද 2005 වනවිට ඩොලර් බිලියන 2.5 කට ද වැඩි විය. මෙයද අපට එතරම් ගැටලුවක් ලෙස නොපෙනුණේ 2005 දී සේවා ගිණුමේ හා සංක්‍රාම ගිණුමේ ශුද්ධ ශේෂය ඩොලර් බිලියන 1.6 ක් ව තිබූ නිසාය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබෙන නිල විදේශ සංචිත 1978 සිට වෙනස් වූ ආකාරය බලනවිට හැම රජයක්ම එම සංචිත වැඩි කරගෙන ඇත්තේ විදේශ ණය ලබා ගෙන නිසා බලයට පත්වන සෑම ආණ්ඩුවකටම එම ණය ගෙවීමට සිදුවී ඇත. 1976 ඩොලර් මිලියන 94ක්ම තිබූ විදේශ සංචිත 2005 වන විට (වැඩි වශයෙන් UNP ආණ්ඩු කාලය තුළ) විදේශ සංචිත ඩොලර් මිලියන 2735 ක් දක්වා ද, 2005 – 2015 කාලය තුළ මහින්ද රාජපක්ෂ ජනපති යටතේ ඩොලර් මිලියන 8208 දක්වා ද, 2019 යහපාලනය නිමා වනවිට ඩොලර් මිලියන 7642 ක් ලෙස ද වාර්තා වුණේ අපනයනවලට වඩා ආනයන වැඩි කරගෙන සංචාරක ඉපැයීම් හා විදේශ ප්‍රේෂණ මත යැපෙමින් නොවේ. ඒ නිසා දැඩි විදේශ සංචිත අර්බුදයකට මුහුණ පා සිටින අප වහාම මෙම ආර්ථිකය තුළ ව්‍යුහාත්මක පෙරළියක් සිදුකිරීමට පියවර ගත යුතුව ඇත.
ශ්‍රී ලංකාව ස්වෛරී බැඳුම්කරවලින් ණය ගැනීම ආරම්භ කළේ වසර 2010 සිටයි. වසර 2014 වනවිට එම ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7-8 අතර ප්‍රමාණයක් විය. 2015 සිට 2019 වන විට ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15 ක් ව තිබිණි. මේ අතරින් ඩොලර් බිලියන 13 ක් දක්වා ප්‍රමාණය අඩු කර ගනිමින් ඒවා ආපසු ගෙවා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී සමත් වී ඇත.
ගත වූ වසර දෙකක කාලය තුළ ඩොලර් බිලියන දෙකක මුදල් ස්වෛරීත්ව බැඳුම්කරවලට ආපසු ගෙවා ඇත. ලබන වසරේ ජනවාරි මාසයේ ඩොලර් මිලියන 500 ක් ද, ජුලි මාසයේදී ඩොලර් මිලියන 1000 ක් ද, ගෙවීමට තිබේ.
මේ මුදල ආපසු ගෙවීෙම්දී ණය නොගෙන අපනයන ආදායම වැඩි කර ගනිමින් ආනයන වියදම සීමා කර ගනිමින් විදේශ රැකියා කරන්නන්ගේ ප්‍රේෂණ වැඩි කර ගනිමින් සහ විදේශ සංචාරකයින්ගේ ඉපයීම්වලින් සිදුකර ගැනීමට හැකි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතුව තිබේ.
#ඇත්ත Facebook
Sponsored Article