එයාර්බස් අත්ලාන්තික් සමාගමේ සේවකයන්ගේ බඩට තට්ටු වුණු නත්තල් රාත්‍රී සාදය!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
එයාර්බස් අත්ලාන්තික් සමාගමේ නත්තල් රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු කාර්ය මණ්ඩලයේ 700 කට වැඩි පිරිසක් රෝගාතුර වී ඇතැයි ප්‍රංශයේ සෞඛ්‍ය බලධාරීහු පවසති.

බටහිර ප්‍රංශයේ එයාර්බස් අත්ලාන්තික් සමාගමේ කාර්ය මණ්ඩලයේ කම්කරුවන් වමනය සහ පාචනය හේතුවෙන් පීඩා විඳින බව ARS සෞඛ්‍ය ඒජන්සියට පවසයි.

නත්තලට පෙර නපුරු සිහිනයක් බඳු මෙම සිදුවීමට එහි පැවති මෙනුවේ කුමක් හෝ අවුලක්දැයි තවමත් අපැහැදිලි ය.

Airbus Atlantic යනු ලොව විශාලතම ගුවන් යානා නිෂ්පාදකයා වන Airbus හි අනුබද්ධ ආයතනයක් වන අතර රටවල් පහක පුද්ගලයින් 15,000 ක් එහි සේවය කරයි.

සමූහ ආහාර විෂ වීමේ මූලාශ්‍රය සොයා ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන බව එම සංවිධානය AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

Airbus සමූහයෙහි පුද්ගලයන් 134,000ක් සේවය කරන අතර ගුවන් යානා, හෙලිකොප්ටර්, අභ්‍යවකාශ සහ ආරක්ෂක යන අංශයන්හි නිෂ්පාදන සහ සේවා සැපයීමට කටයුතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...