ටොයෝටා සමාගම මිලියන 1.12ක මෝටර් රථ නැවත ගෙන්වයි! හේතුව වායු බැලූන ගැටලුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජපානයේ ටොයෝටා සමාගම, වායු බැලූන ගැටලුවක් හේතුවෙන්  ලොව පුරා බෙදා හරිනු ලැබූ මෝටර් රථ මිලියන 1.12ක් නැවත ගෙන්වීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව 2020 සිට 2022 දක්වා නිෂ්පාදිත විවිධ වර්ගයේ Avalon, Camry, Corolla, RAV4, Lexus ES250, ES300H, ES350, RX350 Highlander සහ Sienna Hybrid වර්ගයේ වාහන ගෙන්වීමට තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම කාණ්ඩවල මෝටර් රථවල occupant Classification System (OCS) සංවේදක ක්‍රියා නොකිරීමට හේතුවෙන් මේ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ  , ඉහත සඳහන් වාහන වර්ගවල කුඩා සිරුරකින් යුතු වැඩිහිටියන් සහ දරුවන් මෝටර් රථයේ ඉදිරිපස අසුන්ගෙන සිටියදී එම වායු බැලූන ක්‍රියාත්මක නොවන බවට ටොයෝටා මෝටර් රථ සමාගමට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි .

විදෙස් මාධ්‍ය සඳහන් කළේ,  2024 වසරේ, පෙබරවාරි මාසය වන විට සිය පාරිභෝගිකයන්ට ඔවුන් මිල දී ගත් 2020 සිට 2022 දක්වා කාලය ඇතුළත නිෂ්පාදිත ඉහත කී වර්ගවල මෝටර් රථ නැවත භාර දෙන මෙන් ඉල්ලීමක් කරනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...

ජනපති අනුරට හිටපු කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...