ලුණු ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබේ.

ඒ අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම දෙසැම්බර් 21 වනදා සිට ආරම්භ කර ඇති අතර 2025 ජනවාරි 02 වනදා දක්වා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට කාලය ලබාදී ඇත.

කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ 2025 ජනවාරි 31 වනදාට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් එම ලුණු ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මගින් වෙළෙඳපොළට සැපයීම සඳහා ය.

ඒ අනුව ජනවාරි 02 වනදා ටෙන්ඩර් විවෘත කිරීමෙන් අනතුරුව ආනයන කටයුතු සඳහා ඉතිරිවන්නේ ඉතා කෙටි කාලයක් පමණක් බැවින් එම කාලය තුළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම ප්‍රායෝගිකව දුෂ්කර බව කර්මාන්තකරුවන් පෙන්වා දෙන අතර නියමිත කාලයට පෙර ලුණු ආනයනය කිරීමට නොහැකි වුවහොත් ලුණු ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන සඳහා බාධා ඇති වියහැකි බවත් ඔවුහු පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...