පක්ෂයේ අවසර නැතිව සම්මුඛ සාකච්ඡා බෑ – අධිකරණ ඇමති කිෂානිට කියලා !

Date:

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් සම්මුඛ සාකච්ඡාවක් සඳහා අවස්ථාව ඉල්ලා සිටි විට ඒ සඳහා පක්ෂයෙන් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය යැයි ඔහු ප්‍රකාශ කළ බව “Conversations with Alanki” යූටියුබ් නාලිකාවේ මාධ්‍යවේදිනී කිෂානි අලංකි පෙරේරා පවසයි.

මෙම ප්‍රතිචාරයෙන් තමන් පුදුමයට පත්වූ අතර ජාතික ජන බලවේගයේ නවතම ස්ථාවරය මෙයදැයි ඇය “X” සමාජ මාධ්‍ය ජාලයෙහි සටහනක් තබමින් ප්‍රශ්න කර ඇත.

“සොරකම් කරන ලද වත්කම් නැවත අයකර ගැනීම, යුක්තිය සහ වගවීම” යන තේමාව යටතේ සම්මුඛ සාකච්ඡාව පවත්වන්නේ යැයි තමන් අමාත්‍යවරයාට දන්වා සිටි බව කිෂානි අලංකි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හර්ෂණ නානායක්කාර මහතා මහමැතිවරණයට පෙර දෙවතාවක්ම තම යූටියුබ් නාලිකාවෙහි සම්මුඛ සාකච්ඡා සඳහා එක්වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...