*
Tuesday, December 24, 2024
spot_img

Latest Posts

ගුරු ටියුෂන් තහනමේ ගැටලුවට ඇමති මහින්ද මැදිහත්වෙයි. බලධාරීන්ට දෝස්මුරයක්

සටහන – රුවන් නෙළුගොල්ල

බස්නාහිර පළාතේ ගුරුවන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් ලබාගෙන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා නිකුත් කෙරුණු චක්‍රලේඛය සම්බන්ධයෙන් තමන් වහාම බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් මහතා සමග සාකච්ඡා කළ බවත් එම චක්‍රලේඛය අත්හිටුවීමට මේ වනවිට ආණ්ඩුකාර ලේකම්වරයා කටයුතු කර ඇති බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

“පසුගිය සිකුරාදා සිට තමන්ගෙ පාසලේ සියලු දරුවන්ට උපකාරක පන්ති කරන එක තහනම් කරමින් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමිය විසින් නිකුත් කරන ලද ලිපියකුත් මොඩියුල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ තවත් අතිරේක ලේකම්වරියකුත් විසින් නිකුත් කරන ලද ලිපියකුත් පදනම් කරගෙන යම් ආන්දෝලනාත්මක තත්වයක් මතුවුණා. එකක් තමයි මෙවැනි දේවල් සිදුවුණායින් පසුව ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අය සෑහෙන කලබල වෙනවා. ඒක සාධාරණයි, යුක්ති සහගතයි. මොකද අපේ ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා ගැටලු ඇතුළු ගැටලු ගණනාවකට කිසිම විසඳුමක් සොයන්නේ නැතිව හදිසියේ මෙවැනි ටියුෂන් තහනම් කරමින් ලිපි නිකුත් වෙනකොට, මොඩියුල 20ම කරන්න ඕනෙ කියලා නියෝග එනකොට ගුරුවරු කලබල වෙන එක සාධාරණයි, අපි එදා වගේම අදත් ඒවාට අදාළ විසඳුම් හොයන්න මැදිහත් වෙන්න සූදානමින් ඉන්නවා. මට මේ තොරතුරු ලැබුණු ගමන්ම මම බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් මහතා සමග සාකච්ඡා කළා. එහිදී ඔහුට අවධාරණය කළා මෙහි තිබෙන බරපතළකම. ඒ අනුව ඔහුගේ පැත්තෙන් අවධාරණය කරපු කාරණය තමයි සඳුදා දිනයේදී මේ පිළිබඳව තීරණයක් ගන්නවා කියන එක. ඒ අනුව මේ වනවිට ආණ්ඩුකාර ලේකම්තුමා විසින් ලිපියක් නිකුත් කරලා තිබෙනවා මේ උපකාරක පන්ති පැවැත්වීම කියන කාරණය පිළිබඳව තවදුරටත් අධ්‍යනය කළයුතු බැවින් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තෙක් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන මෙන් ආණ්ඩුකාරතුමාගේ නියෝගය පරිදි දන්වා සිටින බවට. මේ උපකාරක පන්ති ගැන කතා කරන්න ගියාම සමහර බලධාරීන් මට ආයතන සංග්‍රහය තමයි පෙන්වලා දීලා තිබුණෙ, එහි 33 වැනි වගන්තිය මට එවලා තිබුණා, බොහොම හොඳයි. එහි සටහන්ව තිබුණා නිලධරයකුගේ නිත්‍ය රැකියාවට හෝ ධුරයට පරිබාහිරව කාර්යයන් ඉටුකිරීම කියන එක. අපි සතුටුයි ඒ විදියට ආයතන සංග්‍රහය අකුරට තිතට ක්‍රියාත්මක වෙන එකට. අපෙ ආණ්ඩුවටත් ඕනෙ නීතිය ක්‍රියාත්මක කරන්න, හැබැයි එක කොටසකට විතරක් ඒක ක්‍රියාත්මක කරලා හරියන්නෙ නෑ”

මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 23) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි. ඒ මහතා දීර්ඝ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ ගුරු වෘත්තීය සමිති නායකයකු වශයෙන් කටයුතු කළ අයෙකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan