අපට ඕනෙ නම් පඩි වැඩි කරන්න බෑ කියන්නත් තිබුණා. ඒත් අපි එහෙම කරන්නේ නෑ – ඇමති අනිල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලබන වසරේදී අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු කැබිනට් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

“අපිට ඕනේ නම් කියන්න තිබුණා ආර්ථිකය බිඳවැටිලා තියෙන්නේ දැන්, තව පොඩ්ඩක් ඉවසන්න, පටි තද කරගන්න කියලා. 2026දී කරන්නම් කියලා තර්කය ගේන්නත් පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි දන්නවා මිනිස්සු ජීවත්වෙන දුෂ්කරතාවය. අනිවාර්යයෙන්ම වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්. ඒ විස්තර අයවැයෙන් ඉදිරිපත් කරන්නම්”

අනිල් ජයන්ත ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (දෙසැම්බර් 24) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවට ඇති රාජ්‍යය පිළිබඳ අභියෝගය

ජාතික ජන බලවේගය ආණ්ඩුව අවංකව ගෙනයාමට අතිමහත් උත්සාහයක් දරන...

ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන්න – පෙසප ආණ්ඩුවෙන් ඉල්ලයි (PHOTOS)

කොළඹ LNW:දිට්වා ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන ලෙස බලකරමින්...

ඇමරිකාව සහ යුරෝපා සබඳතා පළුදු වෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී නේටෝ (NATO)...

Border 2 සාර්ථක ගමනක..

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Border 2 ගිය...