ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් තමන්ට පහරදුන් බව පවසමින් රෝහල්ගතව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.
මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බව පවසමින් මෙම කොස්තාපල්වරයා පසුගිය දිනක රෝහල්ගතව තිබූ අතර පසුව මන්ත්‍රීවරයා ද පොලීසියට පැමිණිලි කර තිබුණේ මෙම කොස්තාපල්වරයා තමන් ගමන් කළ කැබ් රථය අයුතු ලෙස අවහිර කර සාපරාධී බියගැන්වීමක් සිදුකළ බවටයි. ඒ අනුව කොස්තාපල්වරයාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබිණි.
මේ සම්බන්ධ විමර්ශනය අවසන් වනතුරු කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා ඇති බව සඳහන්.


