සටහන – රුවන් නෙළුගොල්ල
මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (23) පැවැත්වී තිබේ.
ඒ, කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ය.
එහිදී පසුගිය දා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ඉන්දීය රජය ක්‍රියාත්මක කළ සාගර් බන්දු මෙහෙයුම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය ස්තූතිය පළකර ඇත.
එසේම ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට තවතවත් සහාය ලබාදෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.


