වැසි තත්වයේ වෙනසක් – අද (24) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (දෙසැම්බර් 24) දිනයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු පළාතේත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම දැක්කා විපක්ෂය මේ දවස්වල එන්නතක් අල්ලන් කෙඳිරි ගානවා. ඕවා විකාර කතා – මාලිමා මන්ත්‍රී උපුල්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රමිතියෙන් බාල එන්නතක් සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුවට...

බංග්ලාදේශයේ හින්දු ජාතිකයකු පුළුස්සා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නවදිල්ලිය පුරා විරෝධතා

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 24: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශයේ මයිමෙන්සිං...

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය...

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...