බංග්ලාදේශයේ හින්දු ජාතිකයකු පුළුස්සා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නවදිල්ලිය පුරා විරෝධතා

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 24: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශයේ මයිමෙන්සිං දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා සේවකයෙකු වන 27 හැවිරිදි දීපු චන්ද්‍ර දාස්, නබිතුමා පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා කළ පිරිසක් විසින් පසුගිය සතියේ පහර දී පුළුස්සා මරා දැමීමට එරෙහිව ඊයේ(23)දිනයේ දී නවදිල්ලියේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය අසල සිය ගණනක් ජනයා විරෝධතා දක්වා තිබේ.

මිට අමතරව ජම්මු සහ කාශ්මීර ප්‍රදේශය ඇතුළුව රටේ අනෙකුත් ප්‍රදේශවල ද විරෝධතා පවත්වා ඇති අතර දීපු චන්ද්‍ර දාස්ගේ මරණය සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇත.

හින්දු බහුතරයක් වෙසෙන ඉන්දියාව සහ එහි මුස්ලිම් බහුතරයක් වෙසෙන අසල්වැසියා අතර ආතතීන් උග්‍ර කර ඇති අතර මේවන විට දෙරට අතර වීසා සේවා අත්හිටුවා ඇත.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පසුගිය වසරේ ඇයට එරෙහි මාරාන්තික විරෝධතාවලින් පසු නවදිල්ලියට පලා ගිය දා සිට දෙරට අතර සබඳතා පළුදු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...