විසිතුන් වසරක ඩේවිඩ් පිරීස් අභියෝගතා කුසලාන ඉතිහාසයේ,TVS ලංකා නම පළමු වරට සටහන් වෙයි

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW:

TVS ලංකා හී අංක 03 පිතිකරු නදීෂ් යසිරුගේ වේගවත් අර්ධ ශතකය (පන්දු 35 කදී ලකුණු 58 ක්, හයේ පහර 03 ක් සහ හතරේ පහර 05 ක් ඇතුළුව) සහ රුචිර කෝෂිතගේ ආකර්ෂණීය වේග පන්දු යැවීම (ඕවර 04 කදී ලකුණු 17 කට කඩුලු 03), නිසා TVS ලංකා (පුද්ගලික) සමාගමට ඔවුන්ගේ මංගල MCA ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට මඟ පෑදිණ. 23 වසරක් වෙළද සේවා ක්‍රිකට් සමඟ පවත්වන අඛණ්ඩ සබඳතාවයේ සළකුණක් වන වෙළඳ සේවා ඊ කොටසේ ක්‍රිකට් සූරතාවලිය වෙනුවෙන් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය පිරිනමන අලංකාර “DPGC අභියෝගතා කුසලානය” ජෝන් කීල්ස් සමූහය ලකුණු 42 කින් පරාජය කර 2025 දෙසැම්බර් 21 වන ඉරිදා MCA පිටියේදී පැවති අවසන් තරඟයේදී තමන්ගේ සුරතට ගන්නට TVS ලංකා කණ්ඩායම සමත් විය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් TVS ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 07කට ලකුණු 164ක් ලබා ගනිමින් අභියෝගාත්මක මුළු ලකුණු පූවරුවක් ගොඬ නැඟීමෙන් ඉනික්බිති,ජෝන් කීල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 07කට ලකුණු 122කට සීමා කරමින් මෙම ඓතිහාසික ජයග්‍රහණය සිය නමට ලියා ගන්නට TVS ලංකා කණ්ඩායමට හැකි විය.

තරඟාවලිය පුරාම TVS ලංකා කණ්ඩායම අපරාජිතව රැඳී සිටි අතර ලීග් අදියරේ ඔවුන්ගේ තරඟ 06ම සහ අවසන් තරඟය ඇතුළුව පිළිමළුන් පිටුදැකීමේ අදියරේ තරඟ 03ම ත් ජයග්‍රහණය කළේ ඔවුන්ය.

MCA පත් කරන ලද තරඟ තීරක සේන නන්දිවීර විසින් TVS ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රුචිර කෝෂිත අවසන් තරඟයේ වීරයා ලෙස නම් කරන ලදී.

ලීග් අදියරේ දක්ෂතා මත පදනම් වූ අනෙකුත් විශේෂ සම්මාන 03 සඳහා Slim Pharmaceuticals හි කවීෂ පියුමාල් (හොඳම පන්දු යවන්නා) සහ TVS ලංකා කණ්ඩායමේ අයන රත්නායක (හොඳම පිතිකරු) ලෙස ඇගයීමට පාත්‍ර වූ අතර තරඟාවලියේ වීරයා වූයේද අයන සිරිවර්ධන ය.
ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් හි නාලිකා කළමනාකරණය පිළිබඳ සාමාන්‍යාධිකාරී ආචාර්ය සේනක ජයම්පති සහ ඩේවිඩ් පීරිස් සමාගම් සමූහයේ සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී විජිත මැදගෙදර, MCA නිලධාරීන්, සභාපති මහේෂ් ද අල්විස්, ප්‍රධාන ලේකම් රොහාන් සෝමවංශ සහ තරඟාවලි කමිටුවේ සභාපති ලක්මාල් ද සිල්වා ජයග්‍රාහකයන්ට ජය සංඛේත ප්‍රදානයට එක් වී සිටියහ.

පහතින් දැක්වෙන්නේ අවසන් තරගයේ සංක්ෂිප්ත ලකුණු සටහන් පූවරුවකි.

TVS ලංකා ඕවර 20 කදී කඩුලු 07 කට 164 යි. (නදීෂ් යසිරු 58, රුචිර කෝෂිත 22, නෙලූක හේෂාන් 22, රයන් දිසානායක 16, පසන් ගුණතුංග 4/29, නදුන් බස්නායක 2/39)
ජෝන් කීල්ස් කණ්ඩායම : ඕවර 20කදී කඩුලු 07කට 122 (නදුන් බස්නායක 35, රුචිර කෝෂිත 3/17, අයන සිරිවර්ධන 2/6 )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...