ජාතික ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් විසින් අල්ලා පොළවේ ගැසූ බැඩ්මින්ටන් ජාතික සූරතාවය

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW:

ජාතික බැඩ්මින්ටන් සූරතාවලියේ 73 වැන්න නිමා වූවේ ජාතික බැඩිමින්ටන් වගකිම දරන පිරිසගේ ශ්‍රේණිගත කිරීම් ක්‍රියාවලියට පයින් ගසමින් ජාත්‍යන්තර වටිනාකම ගැන නැවත සිතන්නට බල කරමින්ය.අප පෙන්වා දුන් පරිදිම රට ලෝකය ඉදිරියේ බබලවන ක්‍රිඩක ක්‍රීඩිකාවෝම ජාතික සූරයෝ වූහ.


මැලේසියාවේ කාලයක් පුහුණුව ලබන රසිඳු හෙන්දහේවා සුදුසුකම් ලැබිමේ තරග දෙකක්ම ක්‍රිඩා කර තරගකාරී වටයට පිවිස අවසාන තරගයට පිවිස ලෝකයේ අංක 60 ට ශ්‍රේණිගතව සිටින විරෙන් නෙත්තසිංහ ඉදිරියේ පරාජයට පත් විය.ලකුණු තත්ත්වය ලකුණු 21 – 10 සහ 21 – 14 කි.විරේන් සියළුම තරග වට 2-0 ක් ලෙස ජයගැනීම කැපී පෙණින.
මේ ආකාරයට ජාත්‍යන්තර වශයෙන් රට ඉදිරියෙන්ම තබා සිටින ක්‍රීඩකයින්ට ලංකාවේ ශ්‍රේණිගත කිරීම්වල ඉඩක් නොදී ඔවුන්ව අනවශ්‍යය ලෙස වෙහෙස කිරීම ජාතික වගකීම නොවිය යුතුය.මේ කාරණය මීට පෙරද අප විවේචනාත්මකව පෙන්වා දී ඇත.මේ අනවශ්‍යය මහන්සිය තුළින් යමෙකුට ආබාධයකට මුහුණ දෙන්නට සිඳු වුවහොත් එහි පාඩුව රටට බවවත් අඩුම තරමේ ජාතික බැඩිමමින්ටන් පරිපාලනය නොසිතීම කණගාටුදායක තත්ත්වයකි.


එසේම කාන්තා තරගවලදී ද ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩිකාව රනිත්මා ලියනගේ ය.ඇය ද සිටියේ ඉහළ ශ්‍රේණිගත කිරිමක නොවේය.ඇයට ද මුල සිට තරග කරන්නට සිඳු විය.ජාත්‍යන්තර තරගවලට මුහුණ දී පැමිණ ඊට වඩා අඩු පහසුකම් සහිත පාරිසරික තත්ත්වයක තරග වඳින්නට බැඩ්මින්ටන් පරිපාලනයේ දැක්මෙන්ම හැදුණු දක්ෂයන්ට බල කිරිමක් බඳු මේ ශ්‍රේණිගත කිරිම දැන්වත් නොමනා ක්‍රියාවක් බව බැඩ්මින්ටන් පරිපාලකයෝ තේරුම් ගත යුතු වෙති.එයින් යම් ආබාධයකට ජාත්‍යන්තර වශයෙන් ඉහළ සිටින ක්‍රීඩකයෙක් ගොඳුරු වී නම් ඔවුන් රැකගත යුතු ජාතික බැඩ්මින්ටන් පරිපාලනයම ඔවුන් අගාධයට හෙළිමක් කරන බව අප පිළිගත යුතුය.
දුවන මුවන් දැක නෙළු පළා අත හැර ඇද්ද?


බැඩිමින්ටන් ක්‍රීඩාව සමඟ සිටි අනුග්‍රාහකයින් සියල්ලම මේ තරගයේදී ද ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩාව වර්ණ ගැන්වීමට දායකත්වය දක්වා තිබිණ.එහෙත් එහිදි ඇසූවට කිසිවෙක් නොකීව ද වෙනත් තොරතුරු හරහා වාර්තා වන අන්දමට මේ අනුග්‍රාහක නාමයන් දකින අවසන් අවස්ථාව මෙය වීමට ඉඩ තිබේ.අනුග්‍රාහකයන් ලෙස මෙතෙක් රැදී සිටි පිරිස් ආදරය ද සමඟ ක්‍රීඩාවට දුන් ශක්තිය නිසා පැරිස් ඔලිම්පික් උළෙලේදී ද හ්‍රී ලංකාවට නියෝජනයක් හිමි විය.එයට අනුග්‍රහය ලබා දුන් සහය ගැන අනේක වාරයක් අපි අසා ඇත්තෙමු.
ඉදිරියටත් ඊටත් වඩා ආදරය සහ ශක්තිය දෙන්නට විවෘත වූ බැඩ්මින්ටන්මය වූ හෘදයාංගම බැදීමක් සොයා ගැනීම පහසු නැත.ඊට වඩා දේ දිය හැකි අනුග්‍රාහකයන් ගැන සුරංගනා කතා අසා සිට සභාතොමෝ වසර ගණනක් තිස්සේ ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පැමිණි තැනින් පහළට වැටෙනු දැක විසිර යන තත්ත්වයට පත් වන්නේනම් එය ඛේදවාචකයකි.


එසේ නොවී අභියෝගය ජයගත හැකි අනුග්‍රාහකත්වයක් ගෙන එන්නේනම් අපි දෑතම ඊට එකතු කර අත්පොළන් දීමට අමතරව බැතිමත්ව සාදුකාර දෙන්නටද කැමතිය.දැනට ඇති හැඩය අනුව මේ වන විටත් සැක මතු වන්නේ දුවන මුවන් දැක නෙළු පලා අත හැරියාද යනුවෙන්ය.
දැන් 73 අවසන්ය.අ‍පි 74 දෙස අවිනිශ්චිතව බලා සිටිමු.අඩුම තරමේ අවම පහසුකම් යටතේ හෝ එදිනටවත් ජාතික මට්ටමේ අදහස් වලින් ජාත්‍යන්තර මට්ටම බිම හෙළන්නට ගොස් පරිපාලන තීරණ පොළවේ සුණු විසුණු කර නොගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.එය රටේ බැඩ්මින්ටන් පරිපාලනයට නුසුදුසු වැඩකි.කලෙක සිට සිඳුවන මෙවැනි දේ වත් මින් මතුව හෝ නැවතෙනු ඇතැයි අපි වශ්වාස කරන්නේ අප පෙන්වා දෙන කරුණු සාවධානව සළකා බලන්නට හැකි මානසික මට්ටමක ඉහළ පෙළේ පිරිස් සිටිනවා යන විශ්වාසයෙන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...