උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW:

අද (24) සිට උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ.

කොළඹ සිට පිට පළාත්වලටත් යළි අගනුවරට ඒමටත් හැකිවන පරිදි එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති ජාතික ගමනාගමන කොමිසමේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සහ සියලුම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල ඒකාබද්ධ දායකත්වයෙන් බව පැවසේ.

ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, දැනට ක්‍රියාත්මක කාලසටහන්වලට අමතරව බස් සහ දුම්රිය ගමන්වාර යෙදවීම මගින් ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසාදීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...