දේශපාලනික ඇජෙන්ඩාවලට ස්ත්‍රීන් සහ ස්ත්‍රීත්වය භාවිතා කිරීමේ ඛේදවාචකය …

ලංකා ඉතිහාසයේ දේශපාලනික ඇජෙන්ඩා වෙනුවෙන් ස්ව කැමැත්තෙන් භාවිත වෙන්න මාධ්‍ය ඉස්සරහට ගිය ගෑනු උදවියගෙන් වඩාත් ම දූරදර්ශී කාන්තාව විදියට මම නම් සලකන්නේ කැළුම් රෝහිණී හතුරුසිංහව.

1995 චන්ද්‍රිකා ජනාධිපති වුණාට පස්සේ පත් කරන ‘කොබ්බෑකඩුව ඝාතන කොමිසමට’ රජයේ සාක්ෂ්‍යකාරිය විදියට රෝහිණී ඉදිරිපත් වෙන්න එකඟ වෙන්නෙ ලිලී කොබ්බෑකඩුව මැතිනියට පූර්ව කොන්දේසි තුනක් දාලා. එකක් තමන්ගේ බැංකු ගිණුමට ලක්ෂ ගණනක මුදලක් තැන්පත් කරන්න කියන එක. දෙවැනි එක ඒ කාලේ හිටිය දුවට කොළඹින් ඉස්කෝලයක් ඕනේ කියන එක. තුන්වෙනි එක රෝහිණීටයි දුවටයි ඉන්න කොළඹින් ගෙයක් ඕනෙ කියන එක.

එක පැත්තකින් වඩාත් ම දූර්දර්ශී කාන්තාව වුණත් මම හිතන විදියට ඔය කියන කාණ්ඩයේ වඩාත් ම අපරික්ෂාකාරී කාන්තාව වුණෙත් කැළුම් රෝහිණී හතුරුසිංහ ම තමයි. මොකද රෝහිණී අනිත් හැම දේම ගැන හිතුවට උපත් පාලනය ගැන හිතුවේ නැහැ. තිස්ස බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල කොමිසම භාරයේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවාගෙන සිටි රෝහිණී හතුරුසිංහ එක්වරම ගැබිණියක් වුණා. ඊට කලින් ඉතිහාසේ එහෙම දෙයක් වුණේ උන්මාද චිත්‍රාට විතරයි අපි අහලා තියෙන විදියට. අන්තිමට සිද්ධ වෙලා තිබුණේ කොබ්බෑකඩුව ඝාතන කොමිසම අහක ගිය එකයි කැළුම් රෝහිණී හතුරුසිංහට තාත්තෙක් නැති දෙවැනි දරුවෙකුත් ලැබුණ එක විතරයි.

මගේ මේ ජීවිත කාලෙ ඇතුළත මම වරින්වර ඒ වගේ කාන්තා චරිත කීපයක් ම නොයෙක් අවස්ථාවල දැකල තියෙනවා. ඒ හැම දෙනා ම වගේ අවසානයට භෞතිකව නොවුණත් සංකේතීයව හරි රෝහිණී හතුරුසිංහ මුහුණ දුන්න ඉරණමට ම මුහුණ දුන්න එක මම දකින්නේ ඛේදවාචකයක් විදියට. ඒ ඇරෙන්න ඒ කාන්තා පාර්ශ්ව ගැන වෙන කියන්න කිසි ම දෙයක් නැහැ. මේ රටේ මිනිස්සු එකතු වෙලා සත්ත්ව අයිතිවාසිකම් සියල්ල ම දිනාගෙන විශ්වය හැමට ම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් හැදුවට පස්සේ ඒ අයගෙන් මට කරන්න මෙහෙම පොඩි ඉල්ලීමක් තියෙනවා.

‘දේශපලනික ඇජෙන්ඩාවලට ස්ත්‍රීන් සහ ස්ත්‍රීත්වය භාවිත් කිරීමේ ඛේදවාචකය සහ ඒ සම්බන්ධයෙන් කාන්තාවන්ගේ ගරුත්වය භාවිත කිරීමේ ඛේදවාචකය ගැනත් අපි ටිකක් සලකා බලමු’

මේ පවතින මොහොතේ දි ලංකාවේ අපිට වඩා වැදගත් ම දේ සුනඛ අයිතිවාසිකම් රැකීම සහ සත්ත්ව ආරක්ෂණය බව මට හොඳට ම තේරෙනවා. මුලින් ම බල්ලාව රැකලා ඊට පස්සේ බැරියැ කාගෙ හරි ඇජෙන්ඩා එකකට බල්ලාව උස්සගෙන මීඩියා ඉස්සරහට එන තැනට මෙහෙයවෙන ගෑනුන්ගේ ගරුත්වය කියන දේ රකින්න.

  • සහන් කසීර වික්‍රමසිංහ –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...