*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ඕස්ට්‍රේලියන් ලීග් සූරතාවය නැවතත් ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියාව,ඉන්දියාව,පකිස්තානය,ඇෆ්ගනිස්තානය,ලෝක කණ්ඩායම සහභාගි වන ඕසට්‍රේලියානු ලීග් සූරතාවය 2021 දී අත් කර ගෙන සිටි ශ්‍රී ලංකාව එය නැවත මේ වසරේදී ද අත් කර ගන්නට සමත්විය.මහේල උඩවත්තගේ නායකත්වයෙන් තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තානු කණ්ඩායම කඩුලු 7 ට ලකුණු 104 ක ට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.ෆවාඩ් මතූක් ලකුණු 25 න් සහ අසාද් කතූක් ලකුණු 21 න් පකිස්තානු ඉණිමට දායක වූ අතර පන්දුවෙන් ඉහළම දස්කම් දක්වන්නට සමත් වුයේ අරෝශ් ජනෝදා ය.


ඉන්දීය කණ්ඩායම සමඟ පැවති අවසන් පූර්ව තරගය කණපිට හරවමින් කඩුලු ත්‍රිත්වයක් ලැබූ ජනෝදා මෙම තරගයේදී ද ලකුණු 20 ට කඩුලු 3 ක් බිඳ දමන්නට සමත් විය.නුවන් කුලසේකර සිය පන්දු ඕවර් 4 ලකුණු 12 ට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගත් අතර ඩිලාන් චන්දිම ලකුණු 10 ට එක් කඩුල්ලක් සහ මලිත් කුරේ ලකුණු 14 ට කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකික ක්‍රීඩක මාපා මේ තරගයේදී ද වැඩි අවධානයක් දිනා ගත් අතර ඔහුගේ සුවිශේෂි හැකියාවන් මෙහිදී දඇගයීමට ලක් විය.


ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 104 ක ඉලක්කය හඹා යාමේදී මොහොමඩ් අමීර් මැදිහත්ව අතර මඟදි ශ්‍රී ලංකාව ජයග්‍රහණයෙන් ඈත් කර දමන්නට උත්සාහ කළ ද,එය සාර්ථක නොවිණි.ඩිලාන් චන්දිම ලකුණු 30 ක් එක් කළ අතර නායක මහේල උඩවත්ත ලකුණු 19 න් ජයග්‍රහණයට දායක විය.ආරම්භක පිතිකරුවන් සේ චන්දිම සමඟ පිටියට පිවිසි විනූ මොහොට්ටි ලකුණු 14 ක් එක් කළ අතර තරගයේ ජයග්‍රහණය තෙක් කඩුල්ල රැක ගනිමින් වගකිව යුතු ඉණිමක් දියත් කළ මලිත් කුරේ නොදැවී ලබා ගත් ලකුණු ප්‍රමාණය 17 ක් විය.පන්දු ඕවර් 20 නිමා වීමට පන්දු හතකින් මෙපිට ශ්‍රී ලංකාව ජයගත් මේ සටහනේ එම ජයග්‍රහණයට වැඩිම බාධාව සිඳු කළ මොහොමඩ් අමීර් ලකුණු 15 ට කඩුලු 2 ක් දවා ගත්තේය.


එසේම මේ තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා යොදා ගත්,පළමු පෙළ තරග විනිශ්චයේ අත්දැකීම් ඇති විනිසුරුවන් තිදෙනා අතර ශ්‍රී ලංකාවේ සහන් වීරසේකර ද සිට අතර,ඇගයීම් ලැබීමේදී ඔහුගේ දායකත්වය විශේෂ කොට සඳහන් කිරීමට තරගාවලි සංවිධායකයන් කටයුතු කළේය.
පහත දැක්වෙන සබඳතාවයෙන් අවසන් තරගයේ විශේෂ අවස්ථා සඳහා පිවිසීමට හැකියාව ඇත.
https://www.youtube.com/watch?v=m42WNObYHlY

ඡායාරූපවල සූරතාවය සහ අනු සූරතාවය දිනා ගත් කණ්ඩායම් දෙක ද,නායක මහේල උඩවත්ත සූරතාවය සමඟ ද විශේෂ ඇගයීමක් ලද විනිසුරු සහන් වීරසේකර ද වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan