“බ්‍රෙක්සිට් කියන්නේ මලකට නේද සර් ?”

Date:

මෙය මීට ටික කලකට පෙර සිදුවුණු කතාවකි.

එංගලන්තයේ රාජකාරි කටයුත්තක් සඳහා යැවීමට ඉහළ හමුදා නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා තිබුණු අතර ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මීට අයදුම් කර තිබුණු එක්තරා ඉහළ හමුදා නිලධාරියෙක් සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ සිටියේය. සම්මුඛ පරීක්ෂණය පැවැත්වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකි.

ඔහු, අදාළ හමුදා නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුවේ “ආ … එංගලන්තෙට නේද යන්න හදන්නෙ ? කියනවාකො බලන්න බ්‍රෙක්සිට් කියන්නෙ මොකක්ද කියලා …” යනුවෙනි.

අදාළ හමුදා නිලධාරියා එසැණින් පිළිතුරු දී තිබුණේ “බ්‍රෙක්සිට් මම දන්නවා සර්. බ්‍රෙක්සිට් කියන්නෙ මලකට නෙ” කියාය.

කෝපයෙන් පිපිරෙමින් සම්මුඛ පරීක්ෂණය එතැනින්ම අවසන් කළ අමාත්‍යාංශ නිලධාරියා හමුදාවේ වෙනත් ඉහළ නිලධාරියෙකුට දුරකථනයෙන් අමතා “මොකෙද්ද අර එවලා තියෙන්නෙ ? බ්‍රෙක්සිට් කියන්නෙ මලකට කියලා ඒ යකා කිව්වානෙ” යැයි පවසා තිබිණි.

ඒ ඉහළ හමුදා නිලධාරියා ඊට වහාම පිළිතුරු දෙමින් කියා තිබුණේ “අනේ සර් මිනිහාව කපන්න නම් එපා. ඥානක්කාගෙ කේස් එකක්. ජනාධිපතිතුමාත් (GR) හොඳටම දන්නවා” කියාය.

ඒ කාලේ වැඩ සිද්ධ වුණේ ඔය ආකාරයට ය …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...