“බ්‍රෙක්සිට් කියන්නේ මලකට නේද සර් ?”

Date:

මෙය මීට ටික කලකට පෙර සිදුවුණු කතාවකි.

එංගලන්තයේ රාජකාරි කටයුත්තක් සඳහා යැවීමට ඉහළ හමුදා නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා තිබුණු අතර ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මීට අයදුම් කර තිබුණු එක්තරා ඉහළ හමුදා නිලධාරියෙක් සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ සිටියේය. සම්මුඛ පරීක්ෂණය පැවැත්වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකි.

ඔහු, අදාළ හමුදා නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුවේ “ආ … එංගලන්තෙට නේද යන්න හදන්නෙ ? කියනවාකො බලන්න බ්‍රෙක්සිට් කියන්නෙ මොකක්ද කියලා …” යනුවෙනි.

අදාළ හමුදා නිලධාරියා එසැණින් පිළිතුරු දී තිබුණේ “බ්‍රෙක්සිට් මම දන්නවා සර්. බ්‍රෙක්සිට් කියන්නෙ මලකට නෙ” කියාය.

කෝපයෙන් පිපිරෙමින් සම්මුඛ පරීක්ෂණය එතැනින්ම අවසන් කළ අමාත්‍යාංශ නිලධාරියා හමුදාවේ වෙනත් ඉහළ නිලධාරියෙකුට දුරකථනයෙන් අමතා “මොකෙද්ද අර එවලා තියෙන්නෙ ? බ්‍රෙක්සිට් කියන්නෙ මලකට කියලා ඒ යකා කිව්වානෙ” යැයි පවසා තිබිණි.

ඒ ඉහළ හමුදා නිලධාරියා ඊට වහාම පිළිතුරු දෙමින් කියා තිබුණේ “අනේ සර් මිනිහාව කපන්න නම් එපා. ඥානක්කාගෙ කේස් එකක්. ජනාධිපතිතුමාත් (GR) හොඳටම දන්නවා” කියාය.

ඒ කාලේ වැඩ සිද්ධ වුණේ ඔය ආකාරයට ය …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...